ශ්රී ලංකාවේ ප්රධාන අපනයන නිමැවුමක් ලෙස සිලෝන් ටී. ලෝකයේ තේ පරිභෝජකයන් අතර ප්රකටව පවතින අතර එහි ඇති රසය, සුවඳ හා ගුණාත්මය ඒ සඳහා හේතු වේ. වර්තමාන ගෝලීය වෙළඳපොළේ තරඟය සහ බෙදාහැරීම් පද්ධතියේ සංකීර්ණත්වය හමුවේ, "සිලෝන් ටී" නම් වෙළඳ නාමය ජාත්යන්තරව ආරක්ෂා කරමින්, එහි ස්වභාවිකත්වය හා ගුණාත්මක තත්ත්වය තහවුරු කරන විශ්වාසදායක ප්රමිතිකරණයක් හඳුන්වා දීමට වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්යාංශයේ, තේ සංවර්ධන හා වැවිලි ප්රතිපත්ති අංශය කටයුතු කරමින් පවති .
මෙමගින් තේ අපනයන ක්ෂේත්රයේ අනිකුත් රටවල් අතුරින් තරඟකාරි වාසියක් ලබා ශ්රී ලංකා ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා දීම මෙහි අරමුණයි.
මේ යටතේ ඉදිරි වසර පහ තුළ දී ශ්රී ලංකාවේ තේ නිෂ්පාදනය කිලෝ මිලියන 400 දක්වා නැංවීමටත්, ඉන් ජනිත වන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 2.5 දක්වා වර්ධනය කර ගැනීමටත් අපේක්ෂිතය.
මෙම ඉලක්ක සපුරාලීමට අවශ්ය ප්රතිපත්ති ලේඛනය සියලු පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් සකසා රජයේ අනුමැතිය සඳහා මේ වන විටත් ඉදිරිපත් කර ඇති අතර, මෙම ප්රතිපත්ති ක්රියාත්මක කිරීමෙහි ලා අවශ්ය උපායමාර්ගික සැලැස්ම නිර්මාණය මේ වන විට සියලු පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් අවසන් වෙමින් පවතී.
මෙම උපායමාර්ගික සැලසුමේ බොහෝ වැදගත් කොටස් සඳහා බහු විධ පාර්ශ්ව කරුවන්ගේ සහභාගීත්වය අපේක්ෂා කෙරේ. ඒ අනුව මේ වන විටත් සැලසුමේ විවිධ උපාය මාර්ග ක්රියාත්මක කිරීමට විවිධ පෞද්ගලික ආයතන ඉදිරිපත් වෙමින් පවතී.
මෙම උපායමාර්ගික සැලසුමේ ප්රධානම අංගයක් වන්නේ දිවයිනේ ඉතා උසස් තේ නිෂ්පාදනයක් තහවුරු කිරීම වෙනුවෙන් අවශ්ය පිරිවිතර (Standards) සැකසීමයි.
එහිදී මෙම පිරිවිතර (1) ජාත්යන්තරව පිළිගත් දේශීය තිරසර වගා පිළිවෙත් (2) යහපත් කෘෂිකාර්මික පිළිවෙත්, (3) පුනර්ජනනීය කෘෂිකාර්මික පිළිවෙත්, (4) වන හායනයෙන් තොර වගා පිළිවෙත් (5) ශුන්ය කාබන් විමෝචන කර්මාන්ත පිළිවෙත් සඳහා ජාතික පිරිවිතර නිර්මාණය කිරීමත්, එම පිරිවිතර හඳුන්වා දීම සහ පහසුවෙන් ජනතාව අතර ජනප්රිය කරවීමේ වැඩසටහන් ක්රියාත්මක කිරීම හා විවිධ ආදර්ශ මගින් ඒවා ප්රචලිත කිරීම යන මූලික කරුණුයි.
මෙම කරුණු ක්රියාත්මක කිරීම සඳහා පුද්ගලික අංශයේ සහය අපේක්ෂා කරන අතර ඒ සඳහා අනුග්රාහකත්වය දැක්වීමට යුනිලිවර් ආයතනය ඉදිරිපත් වී තිබේ . ඒ වෙනුවෙන් වැවිලි කර්මාන්ත හා ප්රජා යටිතල පහසුකම් අමාත්යාංශය සමග අවබෝධතා ගිවිසුමකට ද මීට වසරකට පමණ පෙර අත්සන් කර ඇති අතර එහි ප්රගතිය හා වර්තමාතමාන තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ද පසුගියදා ( 16 ) අමාත්ය කාර්යාලයේදි සිදු කෙරිණි.