ජනවාරී 01වනදා සිට මේ දක්වා කාලය තුළ කොළඹ නගරයේ කොරෝනා ආසාදිතයින්ගෙන් බූස්ටර් එන්නත ලබා ගත් කිසිදු පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වී නොමැති බව කොළඹ මහ නගර සභාව පවසනවා.
ආර්ථික මර්මස්ථාන හා සම්බන්ධ වෘත්තීය සමිතිවලට සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට වැඩවර්ජන කිරීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහනම් කළයුතු බවට අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා කළ ප්‍රකාශය නිසා ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව අපකීර්තියට පත්විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි.
දුම්රිය හරස් මාර්ග 400 කට තවමත් ක්‍රියාකාරී ආරක්‍ෂාවක් ලබාදී නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් අදාළ මුහුදු ප්‍රදේශයෙන් ඉවත් කිරීම සඳහා තවත් වසරකට ආසන්න කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ඉන්ධන නොමැතිවීමෙන් මේවනවිට කැලණිතිස්ස බලාගාරය සම්පූර්ණයෙන් අක්‍රීය වී ඇති බව විදුලි ඉංජිනේරුවන් පවසනවා.
පුහුණු අභ්‍යාසලාභී උපාධිධාරීන් වශයෙන් රාජ්‍ය සේවයට බඳවා ගෙන සංවර්ධන නිලධාරී (iii) වන ශ්‍රේණියට අනියුක්ත කරගනු ලැබු උපාධිධාරීන් මේ වන විට ලංකාව පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ස්ථීර පත්වීම් ලබමින් සිටියි. මෙහිදී කිසිදු පෙර දැනුම් දීමකින් තොරව නිලධාරීන් මෙලෙස අනියුක්ත කර ඇති අතර මේ හේතුව නිසා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරමින් සිටි නිලධාරීන් දැඩි අපහසුතාවයකට පත්ව තිබේ. සිය පුහුණු කාලය තුළ යොදවන ලද විෂයන්වලින් සම්පූර්ණයෙන්ම පරිබාහිර වෙනත් ආයතන, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩලවලට මොවුන් හිතු මනාපේ අනියුක්ත තර ඇති අතර මේ වන තෙක් කරගෙන ගිය වැඩසටහන් සියල්ල මහත් අවුල් ජාලාවක් බවට පත්ව ඇත.
රියදුරු බලපත්‍රය ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගෙන් සියයට 10ක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවට අනාවරණය වී තිබෙනවා.
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ 3 වන ජනන යන්ත්‍රයේ හටගත් දෝෂය යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
බොරැල්ල, සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානය තුළ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධියට අදාළව අත් අඩංගුවට ගෙන රඳවාගෙන සිටි එම දේවස්ථානයේ සේවකයකු ඇතුළු තිදෙනෙකු නිදහස් කරන ලෙස අද (02) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
පසුගිය 27 වෙනිදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්ගේ කොවිඩ් තොර වීමේ (Exit Strategically) මාර්ගෝපදේශය නිකුත් කර ඇත්තේ කිසිදු විද්‍යානූකූල පදනමකින් තොරව බව පෙනෙන්නට තිබෙන්නේ යැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.
Page 312 of 764