13 හැවිරිදි පාසල් සිසුවෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් මත වටවල, රොසැල්ල හයිඩ්‍රි විහාරාස්ථානයේ විහාරාධිපති හිමිනම පොලිසිය විසින් ඊයේ (21) අත් අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ව ජනතාව විසින් දේවත්වයෙන් පිදිය යුතු බව එම අංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කරයි.
පුද්ගලික අංශය සහ රාජ්‍ය අංශය සහල් ආනයනය කිරීම හේතුවෙන් මාස 03 ක් තුළ වී මෝල් 500 ක් අක්‍රීය වී ඇති බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී එහි සභාපති මුදිත් පෙරේරා පැවසුවේ සහල් නිෂ්පාදන කර්මාන්තය කඩා වැටීමෙන් රට තුළ ඒකාධිකාරියක් ගොඩනැගෙන බවයි.
විදුලි අර්බුධයට මඟ පෑදූ ප්‍රධාන සාධක අතර ඉන්ධන සැපයීම ප්‍රමාණවත් නොවීම ප්‍රධාන කරුණක්. විදුලි නිෂ්පාදනය කෙසේවෙතත්, දෛනික පරිභෝජනයට පවා ඉන්ධන සොයා ගැනීම මේ වන විට ගැටලුවක් වී තිබෙනවා. ඒ, බොහෝ පිරවුම්හල්වලට ඉන්ධන තොග ප්‍රමාණවත් පිරිදි නොලැබීම හේතුවෙන්.
ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න සහ නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා ඇතැයි වාර්තා වනවා. ඒ, ඉන්දියාව සමග පැවැත්වෙන තරග 02 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහායි.
පානදුර උතුර පොලිස් ස්ථානයේ නිලධාරීන් කිහිප දෙනෙකුගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රට තුළ පවතින භාණ්ඩ හිඟයෙන් වඩාත් දුෂ්කරතාවන්ට මුහුණ පා ඇත්තේ පහළ ආදායම් ලබන පිරිස් බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිචාර්ය, ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසනවා.
Page 304 of 764