Saturday, March 07, 2026
Follow Us
වෛද්‍යවරුනුත් ඉන්ධන ගැන කතා කරයි

තමන්ටද ඉන්ධන ලබා ගැනීමට පහසු ක්‍රමවේදයක් සලසා දෙන්නැයි වෛද්‍යවරුන් රජයෙන් ඉල්ලීමක් කරනවා. සමස්ථ ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ උපසභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර පැවසුවේ ඉන්ධන ලබා ගැනීමේදී වෛද්‍යවරුන්ටද දිගු වේලාවක් පෝළිම්වල රැදී සිටීමට සිදුව ඇති බවයි.

වෛද්‍යවරුන් මුහුණ පා සිටින මෙම ගැටළුව විසඳීමට මැදිහත් වන ලෙසට සිය සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කළ බවයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදයේ සභාපති රුක්ෂාන් බෙල්ලන පැවසුවේ.

(Neth)