රටේ අර්බුදයට විසදුමක් ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත් ලබන සතියේ යළි හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කරන බව වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසනවා.
ජනතා ඉල්ලීම්වලට කන් දී ඉල්ලා අස්වීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් අඛණ්ඩ විරෝධතාවයක් සිදු කිරීමට වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථාන තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන සඳුදා සිට අඛණ්ඩ විරෝධතා සතියක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ.
අයි.ඕ.සි සමාගම යටතේ පාලනය වන ඉන්ධන පිරවුම්හල් වල ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සෑම දැවි තෙල් ලිටරයකම මිල රු 140 කින් ඉහල දමා තිබෙනවා. ඒ අනුව මෙතෙක් රු 860 කට අලෙවි කර තිබු දැවී තෙල් ලීටරයක නව මිල රුපියල් දහසක් දක්වා ඉහළ ගොස් ඇත.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධූරයෙන් ඉල්ලා අස්වුවද, සිය අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ගාලුමුවදොර විරෝධතාවයේ නිරත අරගලකරුවන් පවසනවා.
නියෝජ්‍ය කථානායක තෝරාගැනීමේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබලයෙකු සහ විපක්ෂ නායකවරයාගේ මව අතර සාකච්ඡාවක් තමන්ගේ නිවසේදී පැවැත්වුණු බවට ඇතැමුන් කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ව්‍යාපාරික තිරුකුමාර් නඩේෂන් මහතා පවසයි.
ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ හෙවන් රන්දුණු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම මැයි 13 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (06) නියම කර තිබේ.
මන්නාරම් ද්‍රෝණියේ පවතින ඉන්ධන සහ ස්වභාවික ගෑස් ගවේෂණ කර ලබාගැනීමට විධිමත් වැඩපිළිවෙලක් මෙතෙක් සකස් කර නැතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා.
Page 276 of 764