Tuesday, March 10, 2026
Follow Us
ලබන 22 වැනිදා සිට විදුලි කප්පාදුවට සිදුවන දේ

මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම්දීමක්


සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුල විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙසට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම්දී තිබේ.

එම කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවේ විදුලිබල මණ්ඩලයට විදුලි උත්පාදනය වෙනුවෙන් අවශ්‍ය ඉන්ධන සහ ජල පහසුකම් ලබාදීමට අදාළ ආයතන දැනුවත් කර ඇති බවයි.

එමෙන්ම ලබන 22 වනදා පස්වරු 6.30න් පසුව ජුනි මස පළමුවනදා දක්වා මෙලෙස විදුලි කප්පාදුවෙන් වලකින ලෙසටයි මහජන උපයෝගීතා කොමිසම දැනුම්දී ඇත.

(Aruna)