Tuesday, March 10, 2026
Follow Us
පාන් මිල යලිත් ඉහළට?

පිටි මිල රු 40කින් වැඩි වේ


ප්‍රීමා සමාගම විසින් බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා තිරිඟු පිටි මිල රුපියල් 40කින් ඉහළ දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව බේකරි නිෂ්පාදන සඳහා යොදාගනු ලබන මිල්ක් වර්ගයේ තිරිඟු පිටි කිලෝවක් රු 243.50 ක් වන අතර මෙලෙස මිල වැඩි විමත් සමඟ තිරිඟු පිටි කිලෝ 50ක මිටියක් මිලදී ගැනීමට රුපියල් දස දහසකට වැඩි මුදලක් වැයවන බව බේකරි හිමියන් ප්‍රකාශ කර සිටී.

බේකරි හිමියන් වැඩිදුරටත් පවසා සිටින්නේ මේ හේතුවෙන් පාන් ඇතුළු අනෙකුත් බේකරි කෑම වල මිල යළිත් ඉහළ දැමීමක් සිදුවිය හැකි බවත් අමුද්‍රව්‍ය රැසකම මිල දිනෙන් දින වැඩිවීම හමුවේ බේකරි කර්මාන්තය කඩාවැටීමේ දැඩි අවදානමක් ඇති බවත් ය.

(Aruna)