ජනතාව නීතිය අතට ගතහොත් රටට අනාගතයක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා. මහජන දේපළ කොල්ල කන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තබන ලෙස ත්‍රිවිද හමුදාවට, ඊයේ රාත්‍රියේ සිට ලබාදී ඇති නියෝගය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියා.
මේ තීරණාත්මක මොහොතේදී ප්‍රචණ්ඩත්වයට නැඹුරු නොවී සන්සුන්ව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ඊයේ දින කොළඹ ඇතුළුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී ඇතිවූ ගැටුම හේතුවෙන් පොලිස් නිලධාරියෙකු ඇතුළුව පුද්ගලයින් 07 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාවත් රැකගෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාවත් රැකගැනීම සඳහා තමන් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් අද (09) උදෑසන 09.00 ට අරලියගහ මන්දිරයට අසලට පැමිණෙන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.
ගාලු මුවදොර පරිශ්‍රයේ මේ වනවිට ඇතිවී තිබෙන උණුසුම් තත්ත්වය හමුවේ තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 23 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ ජාතික රෝහල පවසයි.
Archbishop of Colombo Cardinal Malcolm Ranjith yesterday hailed youth and their peaceful protests as an inspiration to the country and urged the Government and present rules to go home.
ගාලුමුවදොර ඉදිරිපිට ගෝඨා ගෝ ගම විරෝධතාවය සඳහා එල්ල කළ මැර ප්‍රහාරයට විරෝධය පළ කිරීම සඳහා දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම වර්ජනය ආරම්භ කරන බවයි වාර්තා වන්නේ.
Page 275 of 764