Tuesday, March 10, 2026
Follow Us
බම්බලපිටියේ පොලිස් ස්ථානාධිපතිට ස්ථාන මාරුවක්

බම්බලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් එම් ආර් ප්‍රසන්න පානදුර කොට්ඨාශය වෙත ස්ථාන මාරුකර තිබෙනවා. ඒ, සාමාන්‍ය රාජකාරී සඳහායි. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරු කිරීම සිදුකර තිබෙනවා.

බම්බලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ විවිධ අක්‍රමවත් ක්‍රියාකලාප සම්බන්ධයෙන් නෙත් නිවුස් ද මීට පෙර තොරතුරු අනාවරණ කළා. ඒ පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ මෙන්ම පොලිස්පතිවරයාගේද අවධානය යොමුව තිබෙනවා.

(Neth)