ගාලුමුවදොර “ගෝඨා ගෝ ගම” පුරවැසි අරගලයේ පාර්ශවකරුවන් පළමු වරට සිය යෝජනාවලිය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ, අරගලයේ දින 34 ක් ගතවන විටයි. එය නම්කර ඇත්තේ “ගලුමුවදොරින් ඔබ්බට පුරවැසි ඉල්ලීම් යෝජනාවලිය” නමින්.
අමාත්‍යාංශ ලේකම්වරුන් පත් නොකිරීම හේතුවෙන් සමස්ත රටම අකර්මන්‍ය වී ඇති බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමට අග්‍රාමාත්‍යවරයා හා අමාත්‍ය මණ්ඩලය පත් කළ යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කඩිනමින් සාකච්ඡා කර අග්‍රාමාත්‍යවරයා හා අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට අවශ්‍ය පුද්ගලයන් පිළිබද අවසන් තීරණයක් ගත යුතු බවයි මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය නෙත් නිවුස් කළ විමසිමකදී පැවසුවේ.
රටේ ආර්ථිකය පවතින්නේ ඉතාම අයහපත් තත්වය බැවින් මේ දේශපාලන අස්ථාවරභාවය සති ගණන් ඇදගෙන යා නොහැකි බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා අවධාරණය කරයි.
අද, එහෙමත් නැත්තං 2022 මැයි 13 වැනිදා සිකුරාදා, පස්වරු 6.00ට ගෝටාගෝගමේ සිනමාශාලාව , “ටියර්ගෑස් සිනෙමා” මහජනතාව වෙත විවෘත වෙනවා.
ප්‍රචණ්ඩත්වය දිගටම පැවතුනහොත් රෝගීන් වැඩි සංඛ්‍යාවක් රෝහල්වලට ඇතුළත් කිරීමට හැකියාවක් ඇති බැවින් එම තත්ත්වය හරහා ඖෂධ සහ ශෛල්‍ය ද්‍රව්‍ය හිගය ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙනවා.
Page 274 of 764