Tuesday, March 10, 2026
Follow Us
මිලියන ගණනක ඖෂධ වතුරේ

ගිණුම් පිළිබඳ කාරක සභාවේ අලුත්ම හෙළිදරව්ව


නියමිත පරිදි ගබඩා නොකිරීම නිසා රුපියල් මිලියන 6,259ක් වටිනා ඖෂධ තොගයක් තත්ත්වයෙන් බාල වී ඇති බවට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී හෙළිවී ඇත.

2011 සිට 2020 වසර දක්වා කාලය තුළ මෙම ඖෂධ තත්ත්වයෙන් බාලවී ඇති බව හඳුනාගෙන තිබෙන අතර එය අනාවරණය වන විටත් එම ඖෂධවලින් සියයට 99ක් ම රෝගීන් වෙත ලබාදී අවසන් ය.

එම ඖෂධ පිරිවැය සැපයුම්කරුවන්ගෙන් අයකර ගැනීමට ද නොහැකිවී ඇති බවත් මෙහිදී හෙළිදරව් වී තිබේ.

 

(Aruna)