මේ වන විට වෙළඳපල තුළ එළවළුවල දැඩි හිඟයක් දක්නට ඇති බව සීමා සහිත සමස්ථ ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳ සංගමය පවසනවා. එහි සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි සඳහන් කළේ තවත් සතියක් පමණ ගතවන විට මෙම තත්ත්වය උග්‍ර අතට හැරී දැනට පවතින එළවළු මිල සියයට 35 කින් 40 කින් පමණ ඉහළ යනු ඇති බවයි.
ශ්‍රී ලංකා රගර් පරිපාලනයට හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් පැන වූ තහනම් නියෝගය අධිකරණය මඟින් ඉවත් කරන ලද අතර වැඩි දුර නඩු විභාගය ජූනි 30 දා ට කල් තැබිණි.
යාපනය, මානිප්පායි සන්ඩිලිප්පායි ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. කලක් අතහැර දැමූ ඉඩමක් පිරිසිදු කිරීමට ගිය පිරිසක් මෙම පුපුරණ ද්‍රව්‍ය අදාළ බෑගයක දැක ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
මෙරට ජනතාව ගෑස් පෝළිම්වල තවදුරටත් රැඳී සිටියදී මෙරටට ගෑස් රැගෙන ආ නෞකා 02 ක ගෑස් තොග දින කිහිපයක් ගතවුවත් තවමත් මෙරටට ලබා ගැනීමට නොහැකි වී ඇතැයි නෙත් නිවුස් වෙත අනාවරණ වුණා. නෙත් නිවුස් කළ විමසීමකදි හෙළි වුණේ මෙම නෞකා 02 ට අවශ්‍ය ඩොලර් ගෙවීමට නොහැකි වීම මෙම තත්ත්වය හේතුව බවයි.
තම ජීවිතයට යම් අනතුරක් සිදු වුවහොත්, නිවස ගිනි ගතහොත්, සුදුවෑන් රථයක් තමා සොයා පැමිණියහොත් හෝ හදිසියේ අත්අඩංගුවට පත් වුවහොත් ඊට ජනාධිපතිවරයා සම්පූර්ණයෙන් වගකිව යුතු බව රුසියාවේ හිටපු තනාපති උදයංග වීරතුංග මහතා පවසනවා. එවැන්නක් සිදු වුවහොත් එය සිදු වන්නේ ඔහු විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිය හෙංචයියන්ට ලබාදෙන උපදෙස් මත බවයි උදයංග වීරතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.
පළාත් කිහිපයකින් පොලිස් නිළධාරීන් 1000 ක් පමණ කොළඹ නගරය වෙත කැඳවා තිබෙනවා. උතුර, ඌව, දකුණ සහ සබරගමුව යන පළාත්වලින් මෙම නිළධාරීන් කොළඹට කැඳවා ඇති අතර පොලිස් විද්‍යාලයෙන්ද නිළධාරීන් පිරිසක් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
Page 273 of 764