පොලිස් නිලධාරීන් පොලිස් කොමිසමේ රාජකාරීවලින් ඉවත් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඉල්ලීමක් කළා. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ එම නිලධාරීන් පොලිස් කොමිසමේ රාජකාරී සිදු කරන තෙක් එම කොමිසම ස්වාධීන නොවන බවයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර හා අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාගය සඳහා ජනවාරි මස 4 වනදා 05 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කලා.
තත්ත්වයෙන් බාල කෘමි නාශක සහ වල් නාශක බෝගවලට යොදන අතරතුර ඒවා විස වීමෙන් ගොවීන් 54 දෙනකු මියගොස් ඇති බවට මෙරට ප්‍රධාන පළිබෝධනාශක වර්ග බෙදාහරින සමාගම් නියෝජිතයන් පෙන්වා දුන් බව එම අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය ඊයේ (22 ) නිවේදනයක් නිකුත් කරමින් හෙළිකර තිබිණි.
තිසර සමල් (අනුරාධපුර): 2022 වසරේ මේ දක්වා වන අලි පහරදීම් වලින් අනුරාධපුර වනජීවී කලාපයේ පුද්ගලයින් 33 ක් ජීවිතක්ෂයට, වන අලි මරණ 70 ක් වාර්තා වෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇප මත මුදාහැරීමෙන් අනතුරුව දැක්වෙන දර්ශන කිහිපයක් මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (23) පෙරවරුවේ ඇප මත මුදා හැරීමට නියම කෙරුණු ගල්වැව සිරිධම්ම හිමියන් ඊයේ පස්වරුවේ ම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
වාර විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව පාසල් නිළ ඇදුමෙන් බියර් පානය පානදුර ජනප්‍රිය පාසලක සිසුන් පස්දෙනෙකු පොලිස් භාරයට ගත්බව පානදුර පොලිස් අධිකාරී කාර්යාලය සදහන් කරයි.
චාමික කරුණාරත්න ඇෆ්ගනිස්තානයට එරෙහි එක්දින තරගාවලියෙන් ඉවත් කළේ විනය කටයුත්තක් නොවන නිසා බවත්,දක්ෂතා හීනවීම නිසා බවත් කී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැන් ඔහුට එරෙහිව වසරකට අත්හිටවූ දඬුවමක් පනවා ඇත.නමුත් ඔහු සහභාගි වූ අවසාන එක්දින තරගයේදීත් තරගයේ වීරයා සම්මානය දිනා ගත් අතර සහභාගි වූ අවසාන තරගාවලියේදී ද ප්‍රබල ඕස්ට්‍රේලියාවට එරෙහිව තරගාවලි ජයක් ලබන්නට පිත්තෙන් සහ පන්දුවෙන් ඉහළ දක්ෂතා දැක්වීය.
Page 165 of 749