තේ කොළවලට මිශ්‍ර කෙරෙන බවට සැකසහිත රසායනික ද්‍රව්‍ය වර්ගයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට ලබන 24 වන බ්‍රහස්පතින්දා පැය හයක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
මියන්මාරයේදී පසුගියදා පැවති මිසිස් ග්‍රෑන්ඩ් ඉන්ටර් නැෂනල් තරගයට [mrs grand international 2022] සහභාගී වීමට පෙර එම තරගයේ මෙරට සංවිධායකයාවන මලිත් රණසිංහ මහතා තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටි බව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගයට සහභාගී වූ රසාංගි චාමිකා කරුණාරත්න මහත්මිය පැවසුවාය.
ඉයෝන් ලංකා ආයතනයේ හිමිකරු විසින් රුපියල් කෝටි නවසිය අනූ එකක මුදලක් වංචා කොට ඇති බවට අසාධාරණයට ලක් වූ ඉයෝන් ලංකා ගනුදෙනුකරුවන්ගේ සුබසාධන සංවිධානය විසින් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත පැමිණිලි කොට ඇත.
සිය බිරිය සංගීතයක් නැරඹීම සඳහා ගිය අතරතුර බිරියගේ මව දූෂණය කළ බව කියන බෑනාව සපුගස්කන්ද පොලිසිය මඟින් පෙරේදා (20) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.
ලෝක ධීවර දිනය අදට (21) යෙදී ඇති අතර සැමරුම් උත්සවය අද (21) පෙරවරු 10.00ට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත් වේ.
ඇමරිකාවේ සිට යළි මෙරටට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාව පිළිගැනීම සඳහා එම පක්ෂයේ මැති ඇමතිවරු ඇතුළු විශාල පිරිසක් පෙරේදා (20) දිනයේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොස් තිබිණි.
අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන ලියාපදිංචි නොකළ ආයතනයක රුපියල් බිලියන ගණනක වංචාවක් සම්බන්ධයෙන් මහ බැංකුවේ මූල්‍ය විමර්ශන ඒකකය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව පසුගියදා තොරතුරු හෙළිදරව් වී තිබේ.
Page 166 of 749