පවතින දුම්රිය ප්‍රමාදයන් තවත් මාස 4ක පමණ කාලයක් පැවතිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි උසස් නිලධාරියෙකු නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ පීලි සහ අමතර කොටස් හිගය හේතුවෙන් දෛනිකව දුම්රිය ප්‍රමාදයන් සිදුවන බවයි.
සමාජ මාධ්‍ය ජාලාවල පොලිස්පතිවරයා පිළිබදව හුවමාරු වන වීඩියෝ පටයේ සදහන් ප්‍රකාශය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා.
පනවා ඇති තහනම ඉවත් කළ පමණින් කංසා වාණිජ වගාවක් බවට පත් කළ නොහැකි බව කෘෂි විශේෂඥයෙක් පෙන්වා දෙනවා. දීර්ඝ කාලයක සිට තහනමට ලක්ව ඇති හේතුවෙන් ඉහළ ගුණාත්මක බවින් යුත් කංසා බීජද රට තුළ නොමැති බවයි ඒ පිළිබද අදහස් දැක්වූ රුහුණු විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබද ජ්‍යේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර පැවසුවේ.
ඌව පළාතේත් මාතර, හම්බන්තොට, අම්පාර සහ යාපනය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මොරවක ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් දැරියක් දූෂණය කර නිරුවත් වීඩියෝ දර්ශන වට්ස් අප් සමාජ මාධ්‍ය ඔස්සේ විදුහල්පතිවරයා ඇතුළු පිරිසකට යොමු කරන ලදැයි කියන 20 හැවිරිදි සැකකාර තරුණයකු ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබේ.
තවත් දින 4 ක් පමණ ගතවන තෙක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර සීමාසහිතව බෙදාහරින බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි උසස් නිලධාරියෙකු නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ ඇනවුම් කළ ගෑස් නෞකාවක් දිවයිනට පැමිණීම ප්‍රමාදවීම හේතුවෙන් එලෙස ගෑස් බෙදාහැරීම සීමා කළ බවයි.
උතුරු පළාතේ අද දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Page 164 of 749