Saturday, September 13, 2025
Follow Us
සෞදියෙන් රටඉදි පරිත්‍යාගයක්

සෞදි අරාබි රාජ්‍යය ශ්‍රී ලංකාවේ ජනතාව අතර බෙදාදීම සඳහා රට ඉඳි ටොන් 50ක් පරිත්‍යාග කර තිබේ.

එම රටඉඳි තොගය ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කහිල්ඩ් හම්මුද් අලි කටානි ආගමික හා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක වෙත බාර දුන්නේය.

සෞදි අරාබි රාජ්‍යෙය් සල්මාන් රජුගේ මානුෂීය ආධාර සහ සාහන මධ්‍යස්ථාන මගින් ලොවපුරා මිත්‍ර රටවල් ගණනාවක මෙලෙස රටඉඳි තොග පරිත්‍යාග කරනු ලබයි.