Saturday, September 13, 2025
Follow Us
සංචාරකයින් දිය නාද්දි කිඹුලෙක් එයි

අලුත්ගම මොරගල්ල මුහුදු තීරයේ දෙස් විදෙස් සංචාරකයන් දිය නාමින් සිටින ස්ථානයට අඩි දහයක පමණ දිග කිඹුලෙක් අද (19)පැමිණ ඇතැයි මොරගල්ල සංචාරක පොලිසිය පවසයි.

මේ හේතුවෙන් වෙරළාසන්න සංචාරක හෝටල්වල වාසය කරන විදෙස් සංචාරකයන් දැඩි භීතියට පත්ව ඇති බැවින් අලුත්ගම මොරගල්ල සංචාරක පොලිසිය මගින් හික්කඩුව වනජීවි කාර්යාලයේ නිලධාරිනීන් දැනුවත් කළත් මෙතෙක් එම වනජීවි කාර්යාල නිලධාරිනින් ඊට ප්‍රතිචාර දක්වා නැතැයි මොරගල සංචාරක පොලිසිය පැවසීය.