ශ්‍රී ලංකාවේ විදුලි උත්පාදනයට අත්‍යවශ්‍ය ගල් අඟුරු තොග නිසි කලට නොලැබීමේ අවධානමක් මතුව ඇතැයි විදුලිබල ක්ෂේත්‍රයේ විශේෂඥයින් පවසනවා. ලබන වසරේ දීර්ඝ විදුලි කප්පාදුවකින් තොරව පවත්වාගෙන යාමට නම් ගල් අඟුරු නැව් 38 ක් අවශ්‍ය වනවා.
ඉතිහාසය පුරාවටම මෙරට වැසියෝ නහයට උඩින් වතුර යනකන් ගිලෙන්නට ඉඩ හැර පසුව ගඟට බනින්නෝය. ඉඟුරු දී මිරිස් ගැනීමට රුසියෝ ය. පසුව ආපු අඟට ආවඩා කන කපා දමන්නට කැමැත්තෝය. කන කැපූ පසු ඇහෙන්නේ නැති බව තේරුම් යනවිට අස්සයා ඉස්තාලයෙන් ගොස් ඇති බව දකින්නෝය. කරපු ගොන්කම් ඇතුන් ලවා වත් අද්දවන්න බැරි බව දැනදැනත් ගොන්කම් කර පසුව ඇතුන්ට බනින්නෝය. මේ කියවන ඔබත් මමත් නියෝජනය කරන වර්තමානයේද වෙනසක් නොමැත. අනාගතයේද වෙනසක් වනු ඇතැයි සිතීමට වත් අපහසුය. වෙනසක් නොවුනහොත් ප්‍රතිවිපාක සිතීමට වත් අපහසු තරම් බිහිසුණු විය හැක.
වසර 2010 න් පසුව මැණික් අපනයනයෙන් ලැබූ ඉහළම ආදායම මේවසරේ වාර්තා වී ඇතැයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීප් තේනුවර මහතා කියයි.
ප්‍රකාශයට පත්කර ඇති පරිදි ලබන ජනවාරියේ සියයට 70 ක විදුලි ගාස්තු වැඩිවීමක් සිදුවුවහොත් එය කිසිසේත්ම ජනතාවට දරාගත නොහැකි වනු ඇතැයි මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
රට තුළ විදුලි පරිභෝජනය අඩු වී ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය සිදුකළ සමීක්ෂණයකදී අනාවරණවී තිබෙනවා. එහි ප්‍රධාන කාරණයක් වන්නේ ගෘහාශ්‍රිත විදුලි පරිභෝජනය පමණක් නොව කර්මාන්ත ආශ්‍රිත විදුලි පරිභෝජනය ද අඩුවී තිබීමයි.
වහාම සපුගස්කන්ද පිරිපහදුව විවෘත කර බලාගාරවලට අවශ්‍ය ඉන්ධන සපයන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලසිටියි.
ගාල්ල හිටපු මහේස්ත්‍රාත් ඩී. එස්. මෙරිංචිආරච්චිට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර පහක් බැගින් සිර සිරදඬුවම් නියම කර තිබෙනවා. ඒ, සුරාබදු වැරදි සඳහා අය කරන දඩ මුදල් අඩුවෙන් සටහන් කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් පවරා තිබු නඩු දෙකකට වරදකරු කරමින්.
Page 161 of 749