Saturday, September 13, 2025
Follow Us
විකසිත යෞවනයේ තේමා ගීතය “සහෝ” එළි දකී

විකසිත යෞවනයේ තේමා ගීතය “සහෝ” සිනමා කෘතියේ මංගල දර්ශනය ඊයේ (06) කොළඹ දී තිරගත විය.


මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන මෙය නිෂ්පාදනය කර ඇත්තේ ආචාර්ය බන්දුල ගුණවර්ධන, එච්.ඩී.ප්‍රේමසිරි, රවීන්ද්‍ර ගුරුගේ යන මහත්වරුන් විසිනි.
2022 වර්ෂයේ ඉන්දියාවේ පැවති අන්තර්ජාතික ගෝල්ඩන් ලීෆ් සිනමා උළෙලේ දී හොඳම ආසියානු වෘත්තාන්ත චිත්‍රපටය ලෙසින් සම්මානිත මෙම චිත්‍රපටය විශ්වවිද්‍යාල තුළ අත්දකින සිදුවීම් පාදක කරගනිමින් නිර්මාණය කර තිබේ.
මංගල දර්ශනය නැරඹීම සඳහා සිනමා ප්‍රවීණයන්, දේශපාලනඥයන්, චිත්‍රපටයට දායකත්වය ලබා දුන් ශිල්පීන්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.