Saturday, September 13, 2025
Follow Us
උතුරු මුහුදේ සැකකරුවන් 486ක් අත්අඩංගුවට

නාවික හමුදාව පසුගිය වසරේ ජනවාරි සිට මේ දක්වා උතුරු මුහුදේ කළ මෙහෙයුම් මඟින් සැකකරුවන් 486 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ මත්ද්‍රව්‍ය ජාවාරම සහ නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන්.

හෙරොයින්, අයිස් සහ කේරල ගංජා ජාවාරම හේතුවෙන් ධීවර යාත්‍රා 12ක් සමඟ දේශිය සැකකරුවන් 40 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම, බලපත් නොමැතිව ධීවර කර්මාන්තයේ නියැලීම, මුහුදු කූඩැල්ලන් ඇල්ලීම හා ප්‍රවාහනය, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් මසුන් ඇල්ලීම, බලපත්‍ර රහිතව රාත්‍රී කාලයේ කිමිදුම් කරමින් ධීවර කර්මාන්තයේ නියැලීම, හක් බෙල්ලන් ළඟ තබාගැනීම, කැස්බෑවුන් ඇල්ලීම, තහනම් පන්න ක්‍රම භාවිතය සහ නීති විරෝධී දැල් භාවිතය යනාදී නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් ධීවර යාත්‍රා 37 ක් සමඟ නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් සංඛ්‍යාව 446 ක්.

ඒ අතර, ඉන්දීය ධීවර යාත්‍රා 29 ක් සමඟ ඉන්දීය ජාතිකයන් 202 දෙනෙක් වනවා.

මේ අතර නාවික හමුදාව පැවසුවේ, නීති විරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් සාගර පරිසර පද්ධතියට වන හානිය වැලැක්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ කලාපය ආවරණය වන පරිදි අඛණ්ඩ මෙහෙයුම් කරන බවයි.