Thursday, July 16, 2026
Follow Us
පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුව

තඹුත්තේගම පොලිස් වසමේ කුඩාබිබිලිවැව ප්‍රදේශයේදී තඹුත්තේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර නිවසක් තුළ පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු කැණීම් උපකරණ ද සමඟ පසුගියදා (14)  අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

සැකකරුවන්  අවුරුදු 36 හා 41 වයස්වල පසුවන තඹුත්තේගම සහ කලටියාව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

තඹුත්තේගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.