"ප්‍රජා සවියට නව බලයක්" තේමාව යටතේ ජූලි 15 සිට අගෝස්තු 15 දක්වා ක්රියාත්මක කිරීමට නියමිත ප්රජාව සවිබලගැන්වීමේ මාසය ඊයේ (15) දින සිට ආරම්භ කෙරිණි.
මෙම සවිබලගැන්වීමේ ක්රියාවලිය තවදුරටත් වේගවත් කිරීමත්, සමෘද්ධි නිලධාරීන් ඒ සඳහා දැනුවත් කිරීමත් අරමුණු කරගනිමින් ඊයේ (15) ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්රධානත්වයෙන් මහනුවර සහස් උයන පරිශ්රයේ දී සමෘද්ධි නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පැවැත්විණි.
ඒ අනුව මාසයක කාලයක් තුළ සෑම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි ග්රාම නිලධාරී වසම් මට්ටමින් අඩු ආදායම්ලාභී පවුල් නිවැරදිව හඳුනා ගැනීම, පවුල් සංවර්ධන සැලසුම් සකස් කිරීම සහ ඒ අනුව සවිබලගැන්වීමේ වැඩසටහන් වේගවත්ව ක්රියාත්මක කිරීම සිදු කිරීමට නියමිතය.
වත්මන් රජයේ ප්රධාන ඉලක්කයක් වන රටේ දිළිඳුකම තුරන් කිරීම සඳහා ක්රියාත්මක අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමේ ක්රියාවලිය ප්රධාන වශයෙන් පැවරී ඇත්තේ ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවටය.
ඒ අනුව අඩු ආදායම්ලාභී පවුල් ආර්ථික, සමාජීය හා මානසික වශයෙන් සවිබලගැන්වීමේ වැඩසටහන් මේ වන විට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්රියාත්මක කරනු ලබයි. ජීවනෝපාය සංවර්ධන වැඩසටහන්, ස්වයං රැකියා සඳහා මූල්ය ප්රදාන, ක්ෂුද්ර මූල්ය ණය වැඩසටහන්, අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් ඉලක්ක කරගත් වෘත්තීය පුහුණු වැඩසටහන් හා ඒ සඳහා මූල්ය පහසුකම් ඇතුළු සවිබලගැන්වීමේ වැඩසටහන් රැසක් මේ යටතේ ක්රියාත්මක වේ