වවුනියාව දිස්ත්රික්කයේ වෙංගලසෙට්ටිකුලම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පෙරියකට්ටු ග්රාම නිලධාරී වසමේ ජනතාවට සුරක්ෂිත පානීය ජලය ලබාදීමේ අරමුණින් ඉදිකළ පෙරියකට්ටු ප්රජා ජල සම්පාදන ව්යාපෘතිය පසුගියදා(17) ජනතා අයිතියට පත් කෙරිණි.
ජාතික ප්රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 31ක මූල්ය ප්රතිපාදන යටතේ ඉදිකළ මෙම ව්යාපෘතිය යටතේ පෙරියකට්ටු ගම්මානයේ පවුල් 185කට නව ජල සම්බන්ධතා ලබාදී ඇති අතර, ගනේෂපුරම් ඇතුළු අවට ගම්මානවල පවුල් 400කට පමණ සුරක්ෂිත පානීය ජලය සැපයීමට නියමිත බව ජාතික ප්රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.