වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා .
ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන පීඨවල වත්මන් තත්ත්වය, උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය සහ එහි ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වෙත නිර්දේශ සහ යෝජනා ලබා ගැනීම සඳහා නිලධාරීන් පස් (5) දෙනෙකුත් යුත් විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.
සංවර්ධනයේ පූර්ණ ප්‍රතිලාභ සාධාරණව භුක්ති විඳින සමෘද්ධිමත් සමාජයක් ගොඩනැඟීම වත්මන් රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
මිනිසා විසින්ම සිදු කරනු ලබන අනාරක්ෂික ක්‍රියාකාරම් හේතුවෙන් මිනිස් ජීවිත අකාලයේ මිය යන අවස්ථා කොතෙකුත් වාර්තා වේ.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී අතවර කළ බවට සැක පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.
දළඳා දැක්මට සමගාමිව මහනුවර නගරයේ ඔසුසැල් හිමියන් දැනුවත් කිරීමක් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මැදිහත්වීම මත අද (07) සිදු කෙරිණි.
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අද (05) සන්ධ්‍යා කාලයේදී පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
“ක්ලීන් ශ්රී ලංකා” කාර්යසාධක බලකායේ සාමාජිකයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
එළඹෙන අප්‍රේල් 18 සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති විශේෂ දළදා ප්‍රදර්ශනය දැකබලා ගැනීමට අවම වශයෙන් ලක්ෂ 20ක පමණ බැතිමතුන් පිරිසක් මහනුවරට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා ගොවි බිම්වලට ජලය මාර්තු මස 15 වැනිදායින් පසු නිකුත් කිරීම පිළිබඳව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.
නීති විරෝධී ගිනිඅවි හා අත් බෝම්බ සම්බන්ධව නිවැරදි තොරතුරු ලබා දෙන්නන් හට ගෙවනු ලබන පොලිස් ත්‍යාග අරමුදල වැඩි කිරීමට පොලීසිය තීරණය කර තිබෙන බව පොලිීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
පසුගිය 01 වැනිදා රාත්‍රි කාලයේ මීගමුව පොලිස් වසමේ කොප්පරා හන්දිය ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර බලපත්‍ර නොමැති ඖෂධ කරල් ලක්ෂ 5ක් සන්තකයේ තබාගෙන වෑන් රථයකින් ප්‍රවාහනය කළ සැකකරුවකු වෑන් රථය සමඟ අත්ඩංගුවට ගෙන තිබේ.
Page 69 of 764