පැපොල රෝගයේ අසීමිත ලෙස පැතිරයාමක් මේ දිනවල දක්නට නොලැබෙන බවත්, පැපොල රෝගය වැළඳුනු රෝගීන්ට ලබා දෙන ඖෂධවල කිසිදු හිගයක් රජයේ රෝහල්වල නොමැති බවත් සෞඛ්ය හා ජනමාධ්ය නියොජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතා අවධාරණය කරයි.
කොත්මලේ, බ්ලූම්ෆීල් වත්ත ප්රදේශයේදී වෑන් රථයක් අඩි 50ක් පමණ ප්රපාතයකට පෙරලීමෙන් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. තුවාලකරුවන් කොත්මලේ ප්රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබේ.
කෙසේවෙතත් තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.
එලෙස අනතුරට ලක්ව ඇත්තේ නුවරඑළියේ සිට අනුරාධපුරය, රාජාංගනය දක්වා ධාවනය වු වෑන් රථයක්. අනතුරට පත් වී තිබෙන්නේ නුවරඑළිය ප්රදේශයේ සංචාරයකට පැමිණ ආපසු රාජාංගනය දක්වා ගමන් කරමින් සිටි පිරිසක්.
මෙම අනතුරද සිදුව ඇත්තේ පසුගිය 11 වනදා පුද්ගයින් 23 දෙනෙකුට දිවි අහිමි කළ බස් රථ අනතුර සිදු වූ කොත්මලේ, ගැරඬිඇල්ල ප්රදේශයට යාබඳ ස්ථානයකදීයි.
අදට (12) යෙදී ඇති වෙසක් දිනය වෙනුවෙන් බන්ධනාගාර ගත සිරකරුවන් පිරිසකට විශේෂ රාජ්ය සමාවක් ලබා දී තිබේ.
පැපොල රෝගයේ අසීමිත ලෙස පැතිරයාමක් මේ දිනවල දක්නට නොලැබෙන බවත්, පැපොල රෝගය වැළඳුනු රෝගීන්ට ලබා දෙන ඖෂධවල කිසිදු හිගයක් රජයේ රෝහල්වල නොමැති බවත් සෞඛ්ය හා ජනමාධ්ය නියොජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතා අවධාරණය කරයි.
පරිසර හිතකාමී ක්රියාකාරීන් ජාතික මට්ටමින් අගයන ජනාධිපති පරිසර සම්මාන 2025 සඳහා දැන් අයදුම්පත් කැඳවා ඇත.
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම් වෙමින් පවති.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් ජනාධිපති ලේකම් කාර්යාලය සමග ඒකාබද්ධව සංවිධානය කරනු ලබන බෞද්ධාලෝක වෙසක් කලාපය, බෞද්ධ සම්මේලන පරිශ්රයේදී බෞද්ධාලෝක මාවත කේන්ද්ර කර ගනිමින් ඊයේ (12) සවස 6.00 ට ආරම්භ වූ අතර එය හෙට (14) දිනය දක්වා පැවැත් වේ.
වෙසක් උත්සවය වෙනුවෙන් මේ වනවිට දන්සැල් 7437ක් ලියාපදිංචි වී ඇතැයි ශ්රී ලංකා මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
මගී ආරක්ෂාව සහ රථවාහන විනය පිළිබඳව පවතින නීති ක්රියාත්මක කිරීමේදී පවතින බාධා නොසලකා නීතිය ක්රියාත්මක කරන බව ප්රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්ය බිමල් රත්නායක මහතා පවසයි.
ශ්රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්ය වෙසක් මහෝත්සවය අතිපූජ්ය ත්රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්රධානත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (10) නුවරඑළිය ජාත්යන්තර බෞද්ධ මධ්යස්ථාන විහාරස්ථානයේදී ආරම්භ කෙරිණි.
උතුරු පළාතේ කිළිනොච්චිය, මුලතිව්, යාපනය, මන්නාරම, වව්නියාව යන දිස්ත්රික්කවල පිහිටි ප්රාදේශීය රෝහල් සියල්ල උතුරු පළාත් සභාවේද සහයෝගය සමගින් පස් අවුරුදු සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කරමින් එම පළාතේ වෙසෙන ග්රාමීය ජනතාවට ගුණාත්මක, කාර්යක්ෂම සෞඛ්ය සේවාවක් ලබා දීමට අවශ්ය කටයුතු කරන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
කොටහේන මියගිය දරුවාගේ සිද්ධිය විමර්ශන කටයුතු සිදු කරන පොලිස් කණ්ඩායම හා දරුවාගේ දෙමාපියන් සමග හමුවක් ඊයේ (10) අග්රාමාත්ය කාර්යාලයේදී අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
රැකියාවේ නිරත කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩි අවධානයක් යොමු විය යුතු බවත්, රැකියා ස්ථානත තුළ කාන්තාවන්ට සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කළ යුතු බවත් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබේ.
Page 69 of 769