Saturday, May 17, 2025
Follow Us
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ලේදී

ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම් වෙමින් පවති.

ජගත් පරිසර දිනය සෑම වසරකම ජුනි මස 05 වන දින සමරන අතර,ඒ පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (15) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මේ වසරේදී "Ending plastic pollution " ප්ලාස්ටික් මඟින් සිදුවන පරිසර දූෂණය අවසන් කරමු යන තේමාව යටතේ පරිසර දිනය සැමරිමට නියමිතව ඇත.

ඊට සමගාමීව මැයි 30 වන දින සිට ජූනි 05 වන දින දක්වා පරිසර සතියක් ප්‍රකාශයට පත්කර කර මෙම සතිය තුළින් පරිසර සංරක්ෂණය සඳහා කළ යුතු ක්‍රියාකාරකම් පිළිබඳව පරිසර අමාත්‍යාංශය විසින් දැනුවත් කර තිබේ.

මැයි මස 30 වන දින ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය, මැයි මස 31 වන දින වායු දූෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය හා ජුනි මස 01 වන දින පරිසර පවිත්‍රතා පිළිබඳ දැනුවත් කිරීමේ දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.