Tuesday, May 13, 2025
Follow Us
මගී ආරක්ෂාව සහ රථවාහන විනය පිළිබඳව බාධක නොසලකා නීතිය ක්‍රියාත්මක කරනවා - ප්‍රවාහන ඇමැති

මගී ආරක්ෂාව සහ රථවාහන විනය පිළිබඳව පවතින නීති ක්‍රියාත්මක කිරීමේදී පවතින බාධා නොසලකා නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ ඛේදවාචකය මෙන්ම මෑත කාලීනව සිදු වූ රිය අනතුරු ගැන අවධානය යොමු කරන විට මගී ආරක්ෂාව සහ රථවාහන විනය සම්බන්ධයෙන් බරපතළ සාකච්ඡාවක් සමාජය තුළ මතුව ඇති බවත් එහිදී යම් යම් ගැටලුකාරී තත්ත්වයන් හා බාධාවන් මතු වන බවත් කී ඇමැතිවරයා ඒවා නොසලකා මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය බවත් ප්‍රකාශ කරයි.

කොත්මලේ ගැරඩිඇල්ලේදී අනතුරට ලක් වූ බස් රථයේ ගමන් ගත් මියගිය සහ තුවාල ලැබූ සියලු දෙනාට හිමි විය යුතු රක්ෂණ වන්දි කඩිනමින් ලබා දීම සඳහා මැදිහත් වන බව ද අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේය.