Thursday, October 22, 2026
Follow Us
Social and Equity

අභාවප්‍රාප්ත ප්‍රවීණ  රංගවේදිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්විය.

Social and Equity

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සක්‍රීයව සම්බන්ධ වන මෙරට දැවැන්තම සංචාරක ප්‍රදර්ශනය වන “සංචාරක උදාව 2025” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.

Social and Equity
දකුණු පළාත් "නැවුම් තේ මංගල්‍යය" කොටපොල ඓතිහාසික ගැටඹරුව රාජමහා විරස්ථාන භූමියේ දී පැවැත්විණි.
Social and Equity

කොළඹ නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසකට අද (25) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

Social and Equity
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 2025 ඇසළ මංගල්‍යය ලබන 26 වැනි දින ආරම්භ වේ.
Social and Equity
ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන නිමැවුමක් ලෙස සිලෝන් ටී. ලෝකයේ තේ පරිභෝජකයන් අතර ප්‍රකටව පවතින අතර එහි ඇති රසය, සුවඳ හා ගුණාත්මය ඒ සඳහා හේතු වේ. වර්තමාන ගෝලීය වෙළඳපොළේ තරඟය සහ බෙදාහැරීම් පද්ධතියේ සංකීර්ණත්වය හමුවේ, "සිලෝන් ටී" නම් වෙළඳ නාමය ජාත්‍යන්තරව ආරක්ෂා කරමින්, එහි ස්වභාවිකත්වය හා ගුණාත්මක තත්ත්වය තහවුරු කරන විශ්වාසදායක ප්‍රමිතිකරණයක් හඳුන්වා දීමට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ, තේ සංවර්ධන හා වැවිලි ප්‍රතිපත්ති අංශය කටයුතු කරමින් පවති .
Social and Equity

සිනමාව වැනි ඉසියුම් කලා මාධ්‍යයකට දායකවීමේ දී තමන් ඒ වෙනුවෙන් කෙතරම් කැපවිය යුතුද යන්න තම භාවිතයෙන්ම පසක් කළ ඇය, දේශීය සිනමාවේ හෙට දවස පෝෂණය කරන්නට පෙර මං බලා සිටින මතු පරපුර වෙනුවෙන් පාර කියන තාරකාවක් ද වන බව අභාවප්‍රාප්ත ප්‍රවීණ නිළි මාලනී ෆොන්සේකා මහත්මිය වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය සඳහන් කරයි.

Social and Equity

දැනට ශ්‍රී ලංකාවේ නව COVID - 19 ප්‍රභේදයක් ව්‍යාප්තවීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පදනම් කරගනිමින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

Social and Equity

ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ඉකුත් රජය සමයේ මෙරටට ආනයනය කිරීමේ සිද්ධියකට අදාළව වරෙන්තු නිකුත් කර සිටි හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අධිකරණයට පැමිණ භාරවීමෙන් පසු මෙම මස 26 දක්වා  රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (19) නියෝග කර තිබේ.

Social and Equity

ලාංකේය සිනමාවේ සැබෑ නිරුපිකාවක් වූ මාලනි ෆොන්සේකාගේ අභාවය සම්බන්ධව තමන් දැඩි ලෙස කම්පාවට පත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Social and Equity

2023 වසරෙන් පසුව මෙවර පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීම සම්බන්ධයෙන් රජයට ප්‍රශංසා කරන බව මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.

Social and Equity

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර කොළඹ රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේදී ඊයේ (18) පැවැති ජනාධිපති කුසලාන අන්තර් පාසල් නොක්-අවුට් රගර් තරගාවලියේ අවසන් මහා තරගය නැරඹීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද සහභාගී විය.

Social and Equity

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ලබන සඳුදා (26) පැවැත්වීමට නියමිතය.

Social and Equity
රණවිරු සේවා අධිකාරියේ ඉල්ලීමකට අනුව රණක්ෂිතයට පත් සෙබළුන්ගේ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් පවත්වාගෙන යන සුවසහන නිකේතන සඳහා අඩුපාඩුවක්ව පැවැති වාහන 05ක් පිරිනැමීම ජනාධිපති කාර්යාලයට අයත් ශ්‍රාවස්ති පරිශ්‍රයේ දී අද (20) පස්වරුවේ සිදු විණි.
Social and Equity

අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති හා සැලසුම් අංශයෙන් 2026 වර්ෂයේ නව අධ්‍යාපන පරිවර්තනයට සමගාමීව දිවයින පුරා ප්‍රාථමික පාසල් 312ක් නවීන පහසුකම් සහිත "ප්‍රාථමික පාසල් ප්‍රතිසංවිධාන ව්‍යාපෘතිය" මැයෙන් සාකච්ඡාවක් අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය ගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා රාත්‍රී අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණි.

Social and Equity

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රගය සහිතව ලබන සඳුදා (26) නිදහස් චතුරශ්‍රයේ දී රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කෙරෙන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසීය.

Social and Equity
අල්ලස් කොමිසම විසින් "දූෂණය" නැමැති වරද සිදු කළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියෝග කර තිබේ.
Social and Equity

කුරිරු ත්‍රස්තවාදයෙන් රට මුදාගෙන සියලු දෙනාට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ නිදහස ලබාදුන් 16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට හෙට (19) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී  පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

ජනාධිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මෙම උත්සවයට සහභාගී වීමට නියමිතය. එළඹෙන මැයි 19 වන දින පස්වරු 4.00 සිට 6.00 දක්වා මෙම රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙන අතර, ඊට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ, පොලිස් දෙපාර්තමේන්තුවේ හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් දිවයින පුරා ප්‍රජා සුභසාධන වැඩසටහන් මාලාවක් ද ක්‍රියාත්මක කරනු ලැබේ. එම අවස්ථාවට කුරිරු ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබා දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆොස් රොෂාන් ගුණතිලක ද සහභාගී වීමට නියමිතය.

යුද්ධයේදී මියගිය හා රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගෙන් ප්‍රකට වූ දේශප්‍රේමය, ආත්ම පරිත්‍යාගය සහ තම රාජකාරිය සඳහා වූ නොසැලෙන කැපවීම පිලිබඳ මතකයන් ආරක්‍ෂා කිරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවේ ස්ථිර කැපවීම ඔස්සේ එම රණවිරුවන් පිළිබඳව අප රටේ මතු පරපුරට ද පුර්වාදර්ශයක් ලබා දීම සහතික කෙරෙන බව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා පසුගිදා පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

මෙම දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව අතරතුර, රණවිරු සේවා අධිකාරියේ සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උත්සව කටයුතු පැවැත්වීමට නියමිත ආකාරය පිළිබඳ දළ විග්‍රහයක් ඉදිරිපත් කරන ලද අතර, එහිදී ආරාධිත අමුත්තන්, හමුදා නිලධාරීන් සහ රණවිරු පවුල්වල සාමාජිකයන් ඇතුළු පැමිණ සිටින පිරිසගේ සහභාගීත්වයෙන් පුෂ්පෝපහාර හා ගෞරව දැක්වීම හමුදා සම්ප්‍රදායානුකුලව ගරු බුහුමන් දැක්වීම ද ඇතුළත් වේ. අප දේශයේ ස්වෛරීභාවය සහ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා පරාර්ථකාමීව සේවය කල රණවිරුවන් සඳහා සමස්ත ජාතියේ කෘතඥතාව සහ ඉමහත් ගෞරවය දැක්වීම සඳහා මෙම සැමරුම් උත්සවය පැවැත්වීම තුළින් අපේක්‍ෂා කෙරේ.

අපගේ මාතෘභූමිය සහ සියලු රටවැසියන් ආරක්‍ෂා කිරීම සඳහා ත්‍රස්තවාදය පරාජය කිරීමට සටන් වැදුණු අභීත රණවිරුවන්ගේ මහඟු සේවය ප්‍රශංසාවට ලක් කරමින්, ජාතියේ රණවිරුවන් සිහිපත් කෙරෙන මෙම උතුම් අවස්ථාවේදී එක්ව නැගී සිටින ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටී.

නාවික හා ගුවන් හමුදාපතිවරුන්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය නියෝජිතයින් රැසක් මෙම මාධ්‍ය සාකච්ඡාවට අවස්ථාවට එක්ව සිටියහ.