පතල් කර්මාන්තයේ නිරත කාර්මිකයින් සඳහා වාර්ෂිකව අලුත් කළ හැකි හදිසි අනතුරු රක්ෂණ ක්රමවේදයක් ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි. වෙනත් රක්ෂණ සමාගම්වල ඒ් වෙනුවෙන් අයකරනු ලබන වාරික මුදලට වඩා සහනදායි රක්ෂණ වාරික මුදලක් අය කරගැනීමට මෙහිදී තීරණය කර තිබේ.
පතල් කර්මාන්තය යනු ඉතා අවදනාම් රැකියාවක් වන අතර එම අනාරක්ෂිතභාවය නිසාම පතල් රැකියාවේ නිරතවන තරුණ පිරිස ක්රමයෙන් අඩු වී තිබේ. එයට විසඳුමක් ලෙස කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් පතල් කර්මාන්තයේ නියලෙන ප්රජාව වෙත මෙම රක්ෂණ ක්රම වේදය හඳුන්වා දී ඇත.