විදුලිය පාරිභෝජනයෙන් මසක් ඉක්මගිය පසු විදුලි බිල ගෙවිය යුතු ය.
රතු බිලක් ලබා දෙනුයේ මාසයක් ගත වූ පසුවයි.
රතු බිල්පත් නිකුත් කර තවත් දින 10ක සහන කාලයක් ලබාදෙනු ලැබේ.
විදුලිය විසන්ධි කරනුයේ ඉන් පසුවයි
විදුලිය පාරිභෝජනය කර මාසයක් ඉක්මගිය පසු විදුලි බිල ගෙවිය යුතු අතර බහුතර පාරිභෝගිකයන් සංඛ්‍යාවක් නියමිත වේලාවට විදුලි බිල්පත් ගෙවනු ලැබේ.
සාමාන්‍යයෙන් රතු බිලක් ලබා දෙනුයේ මාසයක් ගත වූ පසුවයි.
ඊට අමතරව රතු බිල්පත් නිකුත් කර තවත් දින 10 ක සහන කාලයක් ලබාදෙනු ලැබේ.
විදුලිය විසන්ධි කිරීම සිදුකරනු ලබන්නේ ඉන් පසුවයි.
ලංකා විදුලිබල මණ්ඩලය හඳුන්වාදුන් ඊ බිල් (e-bill) පත් ක්‍රමවේදය අනුව රතු බිල්පත් නිකුත් කිරීම ක්‍රම ක්‍රමයෙන් අඩු කරමින් පවති. ඒ වෙනුවට ඉතා ඉක්මනින් හිඟ මුදල SMS මඟින් පාරිභෝගිකයන් වෙත දැනුම් දෙනු ලැබේ. එමඟින් ඉතා කාර්යක්ෂමව ගෙවිය යුතු හිඟ මුදල දැනුම් දෙනු ලැබේ. මෙම ක්‍රමවේදය රතු බිල්පත් මුද්‍රණය කර බෙදා හැරීමට වඩා කාර්යක්ෂම සහ ලාභදායි වේ.
තව ද, 2023 නොවැම්බර් වන විට විසන්ධි කිරීම, නිවාස වසා තැබීම, පදිංචි කරුවන් නොමැතිවීම, නිවාස කඩා නව නිවාස සෑදීම ආදී විවිධ හේතු නිසා ශුන්‍ය පරිභෝජන (0 consumption) තත්වයේ පවතින ගිණුම් සංඛ්‍යාව 35,848 කි.
මධ්‍යම තැපැල් හුවමාරුවට එවා තිබූ සැකකටයුතු පාර්සල් 25 ක තිබී රුපියල් කෝටි 4 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ රේගු අධ්‍යක්ශ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
අනතුරකින් තරුණයකු මිය යාමට කළ පළිගැනීමක්
අනතුරකින් තරුණයකු මිය යාම සම්බන්ධයෙන් පළිගැනීමක් ලෙස පිටකොට්ටේ පාගොඩ පාරේ දී බස් කොන්දොස්තරවරයෙකු ට තියුණු ආයුධවලින් පහර දී බරපතළ තුවාල සිදුකළ බව කියන ඥාති සොයුරන් දෙදෙනකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි.
කළුතර දිසා අධිකරණයේ කාර්යාල සහයකයෙකු අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් බව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
මෙරටට පසුගිය වසර තුන තුළ කිරි අල, බතල හා මඤ්ඤොක්කා කිසිසේත්ම ආනයනය කර නැතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සකස් කළ වාර්තාව අවධාරණය කරයි.
2022 වසරේ දී ඩොලර් මිලියන 295ක් වැය කරමින් මෙරටට එළවළු හා පලතුරු විශේෂයෙන් කිරිඅල, මඤ්ඤොක්කා හා බතල පවා ආනයනය කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කර තිබු ප්‍රකාශය සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශය දැඩි අවධානය යොමු කරන ලදී.
ඒ අනුව එම කාරණය සම්බන්ධව වහාම කෘෂිකර්ම අමාත්‍යාංශයට වාර්තාවක් ලබා දෙන ලෙස විෂයභාර අමාත්‍යවරයා විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
එම කාරණයට අදාලව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමාජ ආර්ථික හා සැලසුම් මධ්‍යස්ථානය විසින් සකස් කරන ලද වාර්තාවක් ඊයේ (04) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට ලබා දී ඇත.
ඒ අනුව 2020, 2021, 2022 වර්ෂවල දී මෙරටට කිසිදු අයුරකින් කිරිඅල, බතල, මඤ්ඤොක්කා ආනයනය කර නොමැති බව එම වාර්තාව අවධාරණය කරයි.
නමුත් මෙරටින් අදාල වර්ෂ තුන තුළ කිරිඅල, බතල හා මඤ්ඤොක්කා අපනයනය කර ඇත. ඒ අනුව 2022 වර්ෂයේ මඤ්ඤොක්කා මෙට්‍රික් ටොන් 1203ක්, කිරි අල මෙට්‍රික් ටොන් 04ක් හා බතල මෙට්‍රික් ටොන් 81ක් අපනයනය කර තිබේ.
කිරි අල අපනයනය මගින් 2020 දී රුපියල් මිලියන 01ක් හා 2021 හා 2022 වර්ෂවල දී රුපියල් මිලියන 02ක් හා 03ක් වශයෙන් ආදායම් ලබා තිබේ.
බතල අපනයනය ගත් කළ 2020 දී රුපියල් මිලියන 36ක් ද, 2021 දී රුපියල් මිලියන 50ක් හා 2022 දී රුපියල් මිලියන 82ක් ලෙස ද වාර්තා වී ඇත.
මඤ්ඤොක්කා අපනයනය මගින් අදාල වර්ෂ තුන තුළ පිළිවෙළින් රුපියල් මිලියන 650ක්, රු. මි. 698ක් හා රුපියල් මිලියන 1203ක් වශයෙන් ආදායම් ලබා ඇත.
තක්කාලි ආනයනය කර ඇති අතර එසේ ආනයනය කර ඇත්තේ ඇතැම් සෝස්වර්ග, ජූස් වර්ග හා ඒ ආශ්‍රිත වෙනත් නිෂ්පාදන වර්ග සකස් කිරීම සඳහා ය. නමුත් තක්කාලි අපනයනය 2020 දී මෙට්‍රික් ටොන් 67ක්, 2021 දී මෙට්‍රික් ටොන් 88ක් හා 2022 දී මෙට්‍රික් ටොන් 76ක් වශයෙන් බව ද දක්වා ඇත.
එළවළු බීජ 2020 මෙට්‍රික් ටොන් 1955, 2021 මෙට්‍රික් ටොන් 1701ක් හා 2022 දී මෙට්‍රික් ටොන් 2363ක් ආනයනය කර ඇත.
මේ අතර රේගු දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇති දත්ත අනුව 2023. 01. 01 දින සිට 2023.11.22 දක්වා වූ කාලය තුළ ද මෙරටට කිරි අල, බතල හෝ මඤ්ඤොක්කා කිසිසේත්ම ආනයනය කර නැත.
සංචාරක කර්මාන්තයේ අවශ්‍යතා සඳහා සහ වෙනත් ආශ්‍රිත නිෂ්පාදන සඳහා කොමඩු හා වම්බටු ආනයනය කර ඇත. පැනි කොමඩු 2020දී මෙට්‍රික් ටොන් 08ක්, 2021දී මෙට්‍රික් ටොන් 02ක් හා 2022 දී මෙට්‍රික් ටොන් 09ක් ආනයනය කර ඇත.
නමුත් පැනි කොමඩු 2020 දී මෙට්‍රික් ටොන් 13ක්, 2021 දී මෙට්‍රික් ටොන් 10ක් හා 2022 දී මෙට්‍රික් ටොන් 10ක් ද වශයෙන් අපනයනය කර තිබේ.
වම්බටු මෙට්‍රින් ටොන් 03ක්, 02ක් හා 09ක් වශයෙන් අදාල වර්ෂ තුන තුළ ආනයනය කර ඇති අතර පිළිවෙළින් මෙට්‍රික් ටොන් 07ක්, 02ක් වශයෙන් 2020 හා 2021 වර්ෂවල දී අපයනය කර ඇත.
මෙරට වගා කළ හැකිව තිබිය දී කිරිඅල, බතල හා මඤ්ඤොක්කා වැනි අල වර්ග පවා මෙරටට ආනයනය කිරීමට විශාල මුදලක් වැය කළ බව සඳහන් කර තිබීම මෙම වාර්තාව අනුව මුළුමනින්ම අසත්‍ය බව පැහැදිළි වේ.
කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් දේශීය වශයෙන් වගා කළ හැකි සෑම දෙයක්ම මෙරට තුළ දීම වගා කිරීම සඳහා කටයුතු යොදා ඇත. ඒ යටතේ ඉදිරි වර්ෂය තුළ ද කාලගුණික බලපෑමක් එල්ල නොවුවහොත් අපිට අවශ්‍ය බෝග වර්ග මෙරට දීම නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වැඩ පිළිවෙළ මේ වනවිටත් සකසා අවසන් කර තිබේ.
ක්‍රීඩාවල යෙදීමේදි තහනම් ද්‍රව්‍ය භාවිතය වැලැක්වීම සඳහා පාර්ලිමේන්තු පනතකින් බලය හිමිකර දී ක්‍රියාත්මක වන ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනය ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යයතනයයි.
මෙරට බෝනොවන රෝග (NCD) පාලනය හා ඒ හේතුවෙන් සිදුවන මරණ අඩු කිරීමේ අරමුණින් ජපන් ජනතාව විසින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල වෙත යෙන් මිලියන 500 ක් වටිනා නවීන වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරීමේ වැඩසටහනෙහි පළමු අදියර වශයෙන් යෙන් මිලියන 49 ක වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරිම අද (06) ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ දී සිදු කෙරිණි.
ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා(29) පාර්ලිමේන්තුවේදී රැස් විය.
පොල් කොහු ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙදපළ තුළ ඉහළ ඉල්ලුමක් පවතින බැවින් එම කර්මාන්තයේ යෙදී සිටින පිරිස දිරි ගැන්වීම සඳහා වැඩසටහන් සකස් කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා ද තිබේ.
අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ පොල් සංවර්ධන අධිකාරියේ ප්‍රගතිය පිළිබඳව පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සමාලෝචන සාකච්ඡාවේදීය.
අප රටේ කොහු ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන සඳහා චීනය, එක්සත් ජනපදය හා යුරෝපා රටවල ඉහළ ඉල්ලුමක් පවතී. මේ වනවිට අප රටේ නිෂ්පාදනයක් වන තවෂි කොහු බුරුසු සඳහා විදේශ වෙළෙඳ පළ තුළ ඉහළ ඉල්ලුමක් පවතී. සාමාන්‍යයෙන් වසරකට එම බුරුසු එක්කෝටි අනූ ලක්ෂයක් පමණ අපනයනය කරන බවත්, ඒ සඳහා වැඩිම ඉල්ලුමක් පවතින්නේ ජපානය තුළ බවත් පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
එහිදී මෙම කරුණු අවධාරණය කෙරුණු අතර පසුගිය කාලය තුළ පැවැති ආර්ථික අස්ථාවරභාවය හා කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පොල් කෙඳි ආශ්‍රිත නිෂ්පාදනය හා ආදායම සියයට 50කින් පහත වැටුනු බව පොල් සංවර්ධන අධිකාරිය මෙහිදී අවධාරණය කළේය.
දැනට මෙරට පොල් කොහු ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය තුළ යෙදී සිටින පිරිස 40,000ක් පමණ වන අතර වාර්ෂිකව කොහු ආශ්‍රිත නිෂ්පාදන අපනයනය මගින් මෙරටට ලැබෙන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 149ක් පමණ වේ.
විශේෂයෙන් පොල් කොහු ආශ්‍රිතව මෙන්ම තල් කර්මාන්තය හා කිතුල් කර්මාන්තය ආශ්‍රිතව ද නිෂ්පාදන රැසක් දේශීය නිපදවන බැවින් එම කර්මාන්ත අංශ තුනම ඒකාබද්ධව අපනයන වැඩ සටහන් ප්‍රවර්ධනය කිරීම මගින් රටට විශාල ආදායමක් උපයා ගත හැකි බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
වර්තමානයේ සංවර්ධිත රටවලට තිබෙන ප්‍රධානම ගැටලුව පරිසර දූෂණය වළක්වා ගැනීමයි. විශේෂයෙන් ප්ලාස්ටික් භාවිතයෙන් ඉවත් වීමට බොහෝ රටවල් උත්සාහ දරති. එමනිසා සියයට 100ක්ම පරිසර හිතකාමී නිෂ්පාදන කර්මාන්තයක් වන කොහු කර්මාන්තය මෙන්ම තල් හා කිතුල් ආශ්‍රිත නිෂ්පාදන මිල දී ගැනීමට සංවර්ධිත රටවල් කැමැත්තක් දක්වති.
එමනිසා මෙම කර්මාන්තය ප්‍රවර්ධනය මගින් ඉහළ විදේශ විනිමය ප්‍රමාණයක් උපයාගත හැකිව තිබෙන බැවින් ප්‍රවර්ධන වැඩ සටහන් 2024 වසර තුළ වැඩි වශයෙන් ක්‍රියාත්මක කරන්නැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොලෙහි අභිනවයෙන් ඉදිකරන ලද "ආබාධිත සහන සේවා මධ්‍යස්ථානය" ජනතා අයිතියට පත් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
බන්ධනාගාර තුළ පවතින අධික තදබදය අවම කර ගැනීමේ අරමුණින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා පුනරුත්ථාපන කාර්යාංශය යටතේ පවතින මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට අදාළව පවතින නිර්ණායක සංශෝධනය කිරීමට අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මිජවුම්” (MICHAUNG) චණ්ඩ සුළි කුණාටුව, ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වී මෙම පද්ධතිය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතී.
විදෙස් රටවලින් පැමිණෙන සේවකයින් සඳහා වීසා නීති දැඩි කිරීමට එක්සත් රාජධානිය තීරණය කර තිබේ.
එසේම උපස්ථාන සේවාවන් සඳහා එක්සත් රාජධානිය වෙත සංක්‍රමණය වන සේවකයින්ට සිය පවුලේ සාමාජිකයින් ගෙන ඒමද තහනම් කර තිබේ.
එම නව නීති එරට අභ්‍යන්තර කටයුතු ලේකම් ජේම්ස් ක්ලෙවලි විසින් නිවේදනය කළේය.
Aruna
ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව පවත්වනු ලබන, තැපැල් මුද්දර චිත්‍ර තරඟය තුළින් තෝරා ගන්නා ලද චිත්‍ර දෙකක් ඇසුරෙන් නිර්මාණය කරන නත්තල් තැපැල් මුද්දර ද්විත්වය නිකුත් කිරීම පුංචි බොරැල්ල, ශාන්ත ඇලෝසියස් කණිටු දෙව්සත්හලේ දී පසුගියදා සිදු කෙරිණි.
දීඝවාපිය මහා සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර සොයාගන්නා ලද, ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍ය ඊයේ(05) උදෑසන සිට 07 වනදා උදෑසන දක්වා ඇඹිලිපිටිය, කාවන්තිස්ස රජමහා විහාරයේ දී ප්‍රදර්ශනය කෙරේ.
බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය හා ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සකස් කළ වාර්තා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා මෙම දෙසැම්බර් 15 දිනට පෙර ලබා දෙන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා විසින් අදාළ ආයතන ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.
Page 65 of 706