Saturday, May 09, 2026
Follow Us
14 හැවිරිදි පාසල් සිසුවියකගෙන් අගමැතිනියට සංදේශයක්

කාත්තන්කුඩියේ සිට කොළඹට පාපැදියෙන් පැමිණි 14 හැවිරිදි ෆාතිමා නඩා  සිසුවිය අද (14) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත සංදේශයක් භාරදි දුන්නාය.

ළමුන් සහ තරුණ පරපුර පීඩාවට පත්කර ඇති මත්ද්‍රව්‍ය අර්බුදයට එරෙහිව සහ ළමා අපයෝජන වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලමින් ඇය මෙම සංදේශය භාරදී තිබේ.