Thursday, May 07, 2026
Follow Us
"සිහිනයට පියාපත්" තරුණ ලේඛක ලේඛිකාවන් දිරිගැන්වීමේ වැඩසටහනට අයදුම්පත් කැඳවයි
"සිහිනයට පියාපත්" තරුණ ලේඛක ලේඛිකාවන් දිරිගැන්වීමේ වැඩසටහනට අයදුම්පත් කැඳවා තිබෙන බව තරුණ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

 

එම මාධ්ය හමුවේදී අදහස් දක්වමින් තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්යය සුනිල් කුමාර ගමගේ මහතා පැවසුවේ දක්ෂතාවය හැකියාව තිබුණද සිය නිර්මාණ එළිදැක්වීම වෙනුවෙන් මූල්යමය අපහසුකම් ඇති තරුණ ලේඛක ලේඛිකාවන් වෙනුවෙන් මෙම වැඩසටහන ක්රියාත්මක වන බවයි.
මෙහි කෘති තෝරා ගැනීමේ කටයුතු කලා අනුමණ්ඩලයේ සහ සාහිත්ය අනුමණ්ඩලය විසින් ලබාදෙන ප්රවීණ විනිශ්චය මණ්ඩලයක් හරහා සිදුකිරීමට නියමිත බවද අමාත්යවරයා ප්රකාශ කළේය.
එම අවස්ථාවේ අදහස් දක්වමින්, තරුණ කටයුතු නියෝජ්ය අමාත්යය දිනිඳු සමන් හෙන්නායක මහතා පැවසුවේ රජයේ මැදිහත්වීමෙන් අමාත්යාංශයක් හරහා තරුණ ලේඛක ලේඛිකාවන්ට මෙවැනි අවස්ථාවක් හිමිවන පළමු අවස්ථාව මෙය බවයි. මේ සඳහා නිර්මාණ රැසක් ඉදිරිපත් වේ යැයි අපේක්ෂා කරන බවද ඔහු ප්රකාශ කළේය.