සිංහල අලුත් අවුරුදු නැකත් සිට්ටුවේ අවසන් නැකත වන පැළ සිටුවීමේ නැකත අද (18) පෙරවරු 10.16ට යෙදී තිබේ.
නුවරඑළිය මීපිළිමාන “අපි යූත් සමාජය” විසින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ හා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සහයෝගයෙන් සංවිධානය කරන ලද අලුත් අවුරුදු උත්සවය අද (14) දිනය පුරා මීපිළිමානේදී පැවැත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එම අවස්ථාවට එක්විය.
මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍රවල පළමු චාරිත්‍ර දෙක (11) අදට යෙදී තිබේ.
මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ පමණක් මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 21,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
මාර්ග නීති උල්ලංඝනය කරන බස් රියැදුරන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා 1955 ක්‍ෂණික ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.
ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමිකරුවන් නංවාලීම අරමුණු කරගෙන බිත්තර රැක්කවීමේ යන්ත්‍ර 100 ක් දිවයින පුරා බෙදාදීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පියවර ගෙන තිබේ.
සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ පාරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ ව්‍යාපාරික ආයතන 12කට නඩු පැවරීමට කටයුතු කළ බව මහනුවර මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ මහතා පැවසීය.
The tally of dengue cases recorded for 2024 has topped the 21,000 mark, according to the Epidemiology Unit.
දිවංගත අයිලීන් ද මෙල් මහත්මියගේ ඉල්ලීම පරිදි දිවංගත ආර්.එච් ද මෙල් මහතා සිහිවීම පිණිස එම දෙපලගේ ධන පරිත්‍යාගයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහල් පරීශ්‍රයේ ඉදිකරන ලද ආර්.එච් ද මෙල් අනුස්මරණ වාට්ටු සංකීර්ණය සුව සත්කාර සේවා සඳහා එක් කිරීම ඊයේ (10) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිතව යළි පිබිඳෙන සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා බලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) පෙරවරුවේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු යායේ සංචාරයක නිරත විය.
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දූ දරුවන් වෙනුවෙන් රසකැවිලි සහ තෑගි පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව හෙට (13) සිදු කෙරේ.
මෙවර පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවයන්හිදී ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් “කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරිකැවීම”, “වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම” ලෙස වෙනස් කළ බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසීය.
ශ්‍රී ලංකව සහ වියට්නාමය අතර දෙරටේ බෞද්ධ මිත්‍රත්වය වර්ධනය කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක් වියට්නාම් හා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වියට්නාම් බෞද්ධ මූලස්ථානයේදී අත්සන් තැබිණි.
මෙවර සිංහල අලුත් අවුරුද්දේ අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය,ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය නැකැත් චාරිත්‍ර හෙටට (13) යෙදී ඇත.
රාමසාන් උත්සවය වෙනුවෙන් ඉස්ලාම් ආගමික දේවස්ථානයන්හි පැවැත්වෙන ආගමික කටයුතු සඳහා සහභාගි වන බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලිස්පති විසින් සියලු ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා ප්‍රාදේශීය කොට්ඨාසභාර නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.
පිට පළාත්වල සිට යළි කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් අතිරේක දුම්රිය සේවා අද පස්වරුවේ සිට ආරම්භ කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නන්දන ඉඳිපොලගේ මහතා ප්‍රකාශ කළේය.
පොලොන්නරුව දියබෙදුම පොලිස් බල ප්‍රදේශය කසිප්පු සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නන් සහ බෙදා හැරීම්වල කාලයක් තිස්සේ වැරදි කරුවන් ලෙස හඳුනාගත් පිරිසක් එයින් මුදවා ගැනීමට සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඬල මහතාගේ ප්‍රධානත්වයෙන් අත්තනකඩවල බුද්ධගයා විහාරස්ථානයේදී ඊයේ (11) පැවැත්විණි.
ආබාධිත රණවිරුවන්ගේ රැකවරණය සහ සුබසාධනය වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සෑම සහායක්ම ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Page 66 of 726