පාසල් සිසුන් මත් උවදුරින් වළක්වා ගැනීම වෙනුවෙන් ක්‍රියාවට නැංවීමට යෝජිත වැඩපිළිවෙළ සම්බන්ධ බලධාරීන් හා පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ විශේෂ හමුවක් ඊයේ (13) අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
බෝ නොවන රෝග වළක්වා ගැනීම හා පාලනය කර ගැනීම පිළිබද කතිකාවතක් සකස් කිරීම ඉතාම කාලෝචිත ක්‍රියාවක් වන නිසා මාධ්‍ය ආයතනවලින් යම් ඉඩක් ලබා ගැනීම සදහා ඉල්ලීමක් කිරීමට තීන්දු කළ බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
මෙරට තුළ ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව, ද්විතීයික සෞඛ්‍ය සේවාව හා තෘතීයික සෞඛ්‍ය සේවාව නැවත පණගන්වා ජනතාව තුළ විශ්වාසනීයත්වය ඇති කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපගේ කාර්යභාර්ය වී තියෙන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කරයි.
කලාවේත් කලාකරුවන්ගේත් වෘත්තීයභාවය සුරක්ෂිත කිරීම වෙනුවෙන් පනතක් මගින් අධිකාරී බලයක් සහිත නව රාජ්‍ය ආයතනයක් පිහිටුවීමට අදාළ මූලික සාකච්ඡාවක් පසුගියදා (07) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදයේ භික්ෂුන් වහන්සේලා කිහිප නමක් සහ ගෝලීය ද්‍රවිඩ සංසදයේ (GTF) සාමාජිකයන්ගෙන් සමන්විත දූත පිරිසක් ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූහ.
කෘෂිකාර්මික ඉඩම් සඳහා අය කෙරෙන අක්කර බදු මින් ඉදිරියට අය කිරීම අත්හිටුවීමට රජය අවදානයට ලක්කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ප්‍රදේශයේ රෝහල් රැසක ඔක්සිජන් අවශ්‍යතාවය සැපයීමේ කටයුතු ද ඇරඹේ.
ගාල්ල උඩුගම මුලික රෝහලේ අළුතින් ඉදිකරන ලද නව ඔක්ෂිජන් නිෂ්පාදන පද්ධතිය සහිත ගොඩනැගිල්ල (OXYGEN GENERATION PLANT) විවෘත කිරීම ඊයේ (08) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
නව ඔක්ෂිජන් නිෂ්පාදන පද්ධතිය සහිත ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියොජිත ක්‍රිස්ටියන් ස්කූග් (Mr Christian Skoog) මහතා සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කැනඩා තානාපති Mr Eric Walsh මහතා ද එක්ව සිටියහ.
මෙම ඔක්ෂිජන් නිෂ්පාදන පද්ධතිය සහිත ගොඩනැගිල්ල සදහා රුපියල් මිලියන 200 ක මුල්‍ය දායකත්වය කැනඩා රජය මගින් ලබාදී ඇති අතර, එහි සම්බන්ධිකරණ කටයුතු යුනිසෙෆ් (UNICEF) සංවිධානය විසින් සිදු කොට ඇත. මසකට මිලිලීටර් 50,000 ක නිෂ්පාදන ධාරිතාවයකින් යුක්ත වේ.
ඇඳන් 150 ක කින් යුත් උඩුගම මුලික රෝහලේ මාසික ඔක්සිජන් අවශ්‍යතාවය ලීටර් 10,000 ක් පමණ වන අතර, නිෂ්පාදනය කරන අතිරික්ත ලීටර් 40,000 ක ප්‍රමාණය ඇලිපිටිය, බලපිටිය, නාගොඩ වැනි අවට පිහිටි දිස්ත්‍රික්, මුලික හා පර්යන්ත රෝහල් රැසකට සැපයිමට කටයුතු කෙරේ. මෙදින සිට එම වැඩපිළිවෙල ද ක්‍රීයාත්මක වේ.
රෝහල තුල ම ඔක්සිජන් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම හේතුවෙන් පුදගලික අංශය වෙත ඇදී යන විශාල මුදලක් ඉතුරු කර ගැනීමට මෙමගින් හැකි වන අතර, ඉහළ කාර්යක්ෂමතාවයකින් සහ හිඟයකින් තොරව ඔක්සිජන් සැපයීමට මෙමගින් හැකියාව ලැබේ.
මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ කැනඩා රජයෙන් ලබාදුන් මෙම ප්‍රදානය උඩුගම රෝහලට මෙන්ම දකුණු පළාතට ලැබුනු ඉතා වැදගත් වූ පරිත්‍යාගයක් බවයි. කැනඩා රජය සහ යුනිසෙෆ් සංවිධානය කොවිඩි වසංගතය පැවැති අවස්ථාවේ දී ද මෙරට ඔක්සිජන් අවශ්‍යතාවය ඇතලු රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිමට පරිත්‍යාග රැසක් සිදු කර ඇති බවත් කැනඩා රජයට ඇතුලු සියළු ජනතාවට සෞඛ්‍ය අමාත්‍යවරයා සිය ස්තූතිය පුද කරන බව ද පැවැසිය.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය ලේකම් විශෞෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ කොවිඩ් වසංගතය පැවැති අවධියේ ඔක්සිජන්වල ඇති අවශ්‍යතාවය හා වැදගත්කම පිළිබදව අවධානය යොමු වු බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානින් රෝගී ප්‍රතිකාර සේවාවන් සදහා ඔක්සිජන්වල ඇති අවශ්‍යතාවය තහවුරු කළ බව ද පැවැසීය.
උඩුගම රෝහලට පමණක් නොව ගාල්ල දිස්ත්‍රික්කයේ අනෙකුත් රොහල් සදහා ද මෙමගින් සිය ඔක්සිජන් අවශ්‍යතාවයන් සපයා ගනු හැකි වනු ඇති බව ද පැවැසිය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, උඩුගම මුලික රෝහල් වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ජී.එච්.එස් ප්‍රනාන්දු, දකුණු පළාත් සෞඛ්‍ය ලේකම් ක්‍රීෂාන්ත ඩබ්. මහේන්ද්‍ර, විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.
රෝහල තුල ම ඔක්සිජන් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම හේතුවෙන් පුදගලික අංශය වෙත ඇදී යන විශාල මුදලක් ඉතුරු කර ගැනීමට මෙමගින් හැකි වන අතර, ඉහළ කාර්යක්ෂමතාවයකින් සහ හිඟයකින් තොරව ඔක්සිජන් සැපයීමට මෙමගින් හැකියාව ලැබේ.
මෙරට ශ්‍රම බලකායේ අවිධිමත් අංශය නියෝජනය කරනු ලබන සෑම අයෙකුටම ගෞරවයක් ලබාදීමේ අරමුණින් ගරු සරු වැඩසටහන යටතේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා හා බස්රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් අතර සාකච්ඡාවක් ඊයේ (06) පැවැත්විණි.
විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේශණ නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ රට තුළට ගෙන්වා ගැනීම ගැන අවධානය යොමු කෙරේ
විගමනික ශ්‍රමිකයන්ගේ අයිතීන් වර්ධනය, ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොලේ පවතින අවස්ථාවන් වර්ධනය කිරීම සහ විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේශණ නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ රට තුළට ගෙන්වා ගැනීම ගැන අවධානය යොමු කරමින් කොළඹ ක්‍රමයේ ක්‍රියාකාරී හමුව හෙට (12) ආරම්භ වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ හෙට (12) ශ්‍රී ලංකාවේ නායකත්වය යටතේ ආරම්භ වන කොළඹ ක්‍රමයේ ක්‍රියාකාරී රැස්වීම සම්බන්ධයෙන් අද (11) පැවති මාධ්‍ය හමුවට එක් වෙමිණි.
කොළඹ ක්‍රියාවලිය ක්ෂේත්‍ර තුනක් යටතේ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම් ශ්‍රී ලංකාවේ නායකත්වය යටතේ දෙසැම්බර් 12 සිට 14 දක්වා කොළඹදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
ඒ අනුව නිපුණතා සහ සුදුසුකම් හඳුනාගැනීම, ලාභදායී වේගවත් සහ ආරක්ෂිතව ප්‍රේෂණ හුවමාරුව, සහ සාධාරණ හා සදාචාරාත්මක බඳවා ගැනීමේ පිළිවෙත් යන ක්ෂේත්‍ර තුන යටතේ මෙම ක්‍රියාකාරී රැස්වීම් පැවැත්වීමට නියමිතය.
මෙම තේමාත්මක ක්ෂේත්‍ර 3 හි සභාපතිත්වය දරනු ලබන්නේ ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ බංග්ලාදේශ රජයන් විසිනි. සමුළුවේ තුන්වන දින විදේශ රැකියාවලින් අනතුරුව ආපසු සිය රට බලා යන සාමාජික රටවල විගමණික ශ්‍රමිකයින් තිරසාර ලෙස සමාජගත කිරීම සඳහා සහාය වීමේ අභියෝග සහ අවස්ථා සාකච්ඡා කිරීම සඳහා දැනුම සංසදයක් බිහිකිරීමද ඇතුළත් වේ.
නැවත පැමිණෙන විගමණික ශ්‍රමිකයින් නැවත සමාජගත කිරීම පිළිබඳ මාර්ගෝපදේශ සපයන “දකුණු ආසියානු සංක්‍රමණික සේවකයන් සඳහා නැවත සමාජගත කිරීම පිළිබඳ කලාපීය අත්පොතක්” එළිදැක්වීම මෙම අවස්ථාවට ඇතුළත් වේ. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහය ඇතිව සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) විසින් මෙම අත්පොත හඳුන්වා දෙනු ලැබේ.
සක්‍රිය කොළඹ ක්‍රියාවලියේ සාමාජික රටවල් එකොළහක නියෝජිතයින් සහ සිවිල් සමාජය, පෞද්ගලික අංශය, වෘත්තීය සමිති, විද්වතුන්, දකුණු සහ අග්නිදිග ආසියාවේ කම්කරු සංක්‍රමණ පාලනය (GOALS) වැඩසටහන ක්‍රියාත්මක කරන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන්ගේ නිරීක්ෂකයින් ද මෙම අවස්ථාවට සහභාගී වනු ඇත.
එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය,
කොළඹ ක්‍රියාවලිය අවුරුදු 20ක් තිස්සේ ක්‍රියාත්මක වෙනවා. එය කලාපයේ විදේශ ශ්‍රමිකයින්ගේ නිපුනතාවයන් හදුනා ගැනීම, ප්‍රේෂණ වල ඇති ලාභදායී භාවය, සාදාචාරත්මක ආකාරයෙන් සේවයේ යොදවා ගැනීම වැනි කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කරලා ක්‍රමවේද සකස්කරගන්නා වැඩ පිළිවෙල තමයි කොළඹ ක්‍රියාවලිය කියලා හඳුන්වන්නේ.
මේකට සම්බන්ධ රටවල් 11ක්, සිවිල් සමාජ, පුද්ගලික අංශය, වෘත්තීය සමිති, එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන, සහ සංවර්ධන හවුල්කරුවන් රැසක් කාලාන්තරයක් තිස්සේ මේ සඳහා සහභාගීත්වය ලබා දුන්නා.
කොළඹදී ආරම්භ වුනු නැවතත් කොළඹදී පැවැත්වෙන කොළඹ ක්‍රියාවලියට මෙවර කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය විසින් මූලිකත්වය අරගන්නවා. සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය මීට පූර්ණ අනුග්‍රාහකත්වය ලබා දෙනවා.
මෙහිදී කලාපයේ රටවල වෘත්තීය සමිති නියෝජිතයින්, ක්‍රියාකාරිකයින් ඇතුළු සියලු දෙනා එකට එකතුවෙලා මේචචර කාලයක් ක්‍රියාත්මක කළ ක්‍රමවේදය නිවැරදිද? මෙම ක්‍රමය කෙසේද යාවත්කාලීන කළ හැක්කේ? කියන කාරණා පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනවා.
මේක අලුත් ආරම්භයක් විදිහටයි ක්‍රියත්මක කිරීමට අපේක්ෂා කරන්නේ. මීට සමගාමීව, දකුණු ආසියානු සංක්‍රමනික සේවකයින් නැවත සමාජ ගත කිරීමේ කලාපීය අත්පොතකුත් හදුන්වා දීමට කටයුතු කරනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාශය විදේශගතව රැකියා කරලා නැවත පැමිණෙන පිරිස යලිත් සමාජගත කරන ආකාරය සම්බධයෙන් අදහස් හා අත්දැකීම් හුවමාරුකරගැනීමත් මෙහිදී සිදුවෙනවා.
එමෙන්ම විගමනික ශ්‍රමිකයින්ගේ අයිතීන් පිළිබදවත්, විගමනික ශ්‍රමිකයින්ට ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳ පොලේ තියෙන අවස්ථා වර්ධනය කිරීමට අදාලවත් සාකච්චා කිරීමට අපේක්ෂා කරනවා.
විගමනික ශ්‍රමිකයන් හරහා ලැබෙන ආර්ථික ප්‍රතිලාභ කළමනාකරණය කරන ආකාරයත්, ඔවුන්ගේ ප්‍රේෂණ නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ රට තුලට ගෙන්වා ගැනීමටත් අදාල කටයුතු පිළිබඳ අපි සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිතයි.
මෙහිදී විගමනික ශ්‍රමිකයින්ගේ සුබසාධනය, ආරක්ෂාව සහ ඔවුන් නැවත මව් රටට පැමිණි විට රැක බලාගන්නා ආකාරය කලාපයක් වශයෙන් එකතු වෙලා ක්‍රියාවලියක් නිර්මාණය කිරීම ගැනයි අවධානය යොමු කරන්නේ. ඊට රජය පූර්ණ සහය දෙනවා. ඊට ජනාධිපතිවරයාගේ සහ කැබිනට් මණ්ඩලයේ පූර්ණ අනුමැතිය සහ සහයෝගය ලැබිලා තියෙනවා.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඉකුත්දා කොළඹදී පැවැති ඉදිරි වර්ෂය සඳහා එම ආයතනය මඟින් නිර්මාණය කළ කැලැන්ඩරය එළි දැක්වීමේ අවස්ථාවේදී ජාතික කඩොලාන විශේෂඥ කමිටුවේ සභාපති, වයඹ විශ්වවිද්‍යාලයේ ධීවර හා ජලජ ජීවී අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය පැවැත්වූ දේශනය ඇසුරෙන් මේ ලිපිය සැකසිණි.
Òසොබාදහම පුදුමාකාරය. ඒ, විටෙක සැඩ පරුෂ විය හැකි මුත් එයම තවත් විටෙක මවුවත් ගුණැතිය. එය එසේ වුවද පරිසරයෙන් දුරස්ථව විසීමක් පිළිබඳ මිනිසාට සිතිය නොහැකිය. එසේම, එය එසේ වුවහොත් පරිසරයේ ආදර, සැලකිලි මහිමය මිනිස් සංහතියටම නොලැබී යනු ඇත. ඉඳින්, අපේ මේ සූදානම ඒ වග හොඳින්ම දනවන සොබා චාරිකාවක යෙදෙන්නටයි. අපි දැන් ඊට එළැඹෙමු. එවිට මිනිසා ගේදොර ඉඩකඩම්වලට වඩා දුරස්ථ යැයි සලකන පරිසරය සැබෑවටම ගත් විට කිසිසේත් දුර නැති බව ඒත්තු ගන්වනු ඇත. එවිට අප ද එහිම කොටසක් බවටත් ඉන් අවධාරණය කරනු නියතය.
අප තවම සිටින්නේ චාරිකාව ආරම්භයේය. සැබැවින්ම අපේ මේ ගමන යෙදෙන්නේ නිතර දෙවේලේ විනෝද චාරිකාවල යෙදෙන ඉසව්වකට නොවේ. මිනිස් වාසය අඩු පෙදෙසකටය. එවන් මේ ගමන කලපු මැදින් අතු පතර ඈත්, මෑත් කරමින් මඟ හසර පාදා ගනිමින් පරිසරය විඳිමින් ලැසි ගමනින් ඉදිරියට ඇදෙන්නකි. ඒ වේගවත් නැත. උද්වේගකර නොවන්නකි. ඒ සැබෑ වෙනසකි. වෙනදා යන බජව් පන්නයේ විනෝද චාරිකාවට වඩා සැබෑ වෙනසක් ජීවිතයට එක් කරන්නකි. මේ අලුත් දැනුමක්, අවබෝධයක් තැවරුණු අත්දැකීම් සාගරයකි. එහෙත් විනෝදාස්වාදයේ අඩුවක් මෙහි නොවේ. එවිට වචනයෙන් කිව නොහැකි තරමේ සැබෑ සිසිලසක් විඳ ගත හැකි වනු ඇත. එසේම, මතු පරපුරටත් ඒ සුව විඳ ගැනීමට ඔබත් කටයුතු කරනු නියතය. කඩොලාන ලොව පුරා දක්නට නැත. එහෙත් මෙරට කඩොලාන පද්ධතිවලින් පෝෂිතය. සුවිශේෂී කඩොලාන වර්ග 70ක් පමණ මෙරට වැඩේ. ලෝකයේ දක්නට ලැබෙන කඩොලාන විශේෂ වලින් තුනෙන් එකක් පමණ මෙරටින් හඳුනාගත හැකිය. එය තවත් විශේෂත්වයකි.
කඩොලාන බෝවීම
ඉඳින්, මිනිස් වාසයේ දක්නට ලැබෙන ඇතැම් ගති සොබාදමේ ඇතැයි එක් ඉපැරැණි කියමනකි. අලි ඇතුන් රැලේදී කුඩා පැටවුන් වෙනුවෙන් රැලේ අන් ඇතින්නන්ටත් කිරි එරෙතැයි කියැවෙයි. ඒ සත්ත්ව සංහතියෙනි. ගස් කොළන් ඇතුළු ශාක ඇසුරෙන් ද එය එසේම වන වගට කඩොලාන කදිම නිදසුනකි. තවද, මිනිසා පරිසරය සමඟ සහසම්බන්ධතා කඩා බිඳ දමන විට ඒ ප්‍රකට නොවන්නකි. එය මෙසේය. කඩොලාන බෝ වන්නේ ඒ ශාකයේම බීජය එම ශාකයම පැළයක් වන තෙක් පෝෂණය කිරීමෙන් පසුව කලපුවට වැටීමෙනි. ඒ අනුව ඊට ද අපූරු අර්ථකථන දිය හැකිය.
එහෙත් තවම එතරම් ඒ විචිත්‍රතාව ගවේශකයන්ගේ සැලකිල්ලට හසු නොවූ හැඩකි. එපමණක් නොවේ. කඩොලාන පද්ධති ආශ්‍රිතව සතුන් රැසක් ජීවත් වන වගත් සැබෑවකි. වෙනත් බොහෝ ශාක පද්ධති මුහුණ නොදෙන තරමේ අභියෝගවලට කඩොලාන පද්ධති මුහුණ දෙයි. සැබැවින්ම ඒ අතිශය සෝබරය. දිනකට දෙවරක් වඩදිය, බාදිය වෙනසට මුහුණ දෙන කඩොලාන ශාකයට එසේම, ගංවතුර, රොන්මඩ, ඉතා අඩු අව් රශ්මිය ආදියට මුහුණ දෙමින් නොනැසී නැඟී සිටීමම අතිශය දුෂ්කරය. කරු මුල්, කයිරු මුල් ලවණ ජලයට හැඩ ගැසේ. දිවා කාලයට මෙහි පත්‍රවල කුඩා ලුණු කැට දක්නට පුළුවන. එතරම් කර්කශ පරිසර පද්ධතියක වැඩෙමින් කඩොලාන මවන පරිසර සුන්දරත්වය අතිමහත්ය. විචිත්‍ර පත්‍ර, මල් ඊට නිදසුන්ය. උල්මන්ද කඩොලාන අතින් තවත් වෙනස් කතාබහකට පිවිසිය හැක්කකි. විටෙක මහා රූස්ස ගසක් වශයෙන් වැඩෙන එය තවත් විටෙක කුඩාවට දක්නට පුළුවන. එමෙන්ම, කඩොලාන පද්ධතියේ වෙසෙන සතුන් වෙනම මාතෘකාවකි. තෙලකීරිය ධීවර ප්‍රජාව පවා ළං නොවන්නකි. එහෙත් එහි සත්ත්ව විශේෂ රැසක් වෙසෙති.
අපි දැන් මෙතෙක් යාත්‍රා කළ කලපුවෙන් ගොඩබිමකට සේන්දු වෙමු. ඒ ගව දෙනුන් ගහණ බිමි කඩකටයි. වෙනස් කියවීමකට දැන් යොමුවෙමු. අපි ඊට ව්‍යවහාරයේ පවතින (cow) යන වචනයත් උපකාරී කර ගනිමු. එවිට අපට ඉන් වෙනස්ම ජීවිතාවබෝධයක් සැලසෙනු ඇත. ඒ වෙනුවෙන් අපි සොබාදහම පිළිබඳ මෙතෙක් මනසේ ඇදී තිබූ විචිත්‍ර චිත්‍රය මඳකට අමතක කරමු. කඩොලාන ඇසුරේදී විචිත්‍රත්වය අත්විඳි අප දැන් සොබාදහමේම වෙනත් පැතිකඩක් ඇසුරෙන් තවත් අලුත් කියවීමකටත් පිවිසෙමු.
දැන් අපි වෛද්‍ය විද්‍යාත්මක කෝණයෙන් අවට බලමු. ඊටම ආවේණික අරුතක් අපි පොදුවේ (cow) විදියට දකින සංකේතයට වෙයි. එනම්, case of the weak (cow) වශයෙනි. වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණවලදී නිතර මේ ගැන අවධානය යොමු වෙයි. එසේම, ඊට අනුව මේ වාක්‍ය කෙටිකර දැක්වීමේදීත් දැක ගැනීමට ලැබෙන්නේ (cow)යන්නමය. එපමණක් නොවේ. වෙනත් කාරණාවකට අදාළව ඊටත් වඩා වැඩි වෙනසක් මේ එකම (cow)යන පදයටම පටබැඳෙන්නට පුළුවන. නිදහසට කවුරුත් කැමැතිය. එහෙත් මෙරට පිරිමින්ට තරම් හිතුමතේ දවස නිමාවේදී හෝ සති අන්තයේදී සොබාදහමට පිවිස ඒ නිදහස විඳින්නට බොහෝ කාන්තාවන්ට අවස්ථාවක් නැත. ඒ වෙනමම කතා කළ යුත්තකි.
පාරිසරික තෙත් බිම්
මේ කියන්නට යන්නේ ඇළේ, දොළේ පැන දවසේ විඩාව, කාන්සිය නිමා ගැනීම ගැනය. ඒ කවුරුත් ප්‍රිය කරන්නකි. අපි ඒ ගැන කෙටියෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වා දුනහොත්, call of the wildside (cow) වශයෙන් නැවත පෙන්වා දිය හැකිය. ඒ ජීවිතයේම තවත් පැතිකඩකි. දැන් අපි ඉංජිනේරුමය පැත්තෙන් මේ දෙස බලමු. එවිට ඒ අතින් ද මෙයට නිර්වචන දිය හැකිය. එනම්, code weak ලෙසිනි. එපමණක් නොවේ. පරිසරයට, වන සතුන්ට පෙම් බඳින කවුරුත් conserve our wild යන්න ද අපට (cow)ලෙසින්ම කෙටි කර ගැනීමට පුළුවන. මේ ඉතා කුඩා සරල පෙන්වා දීමකි. එහෙත් ඉනුත් සත්ත්වයා හා පරිසරය දෙකම එකම දම් වැලක පුරුක් මෙන් එකට බැඳී සිටින වග ඒත්තු ගැන්වෙනු ඇත. ඒ අනුව කිසිවිටෙකත් පරිසරය නොතකමින් ඉදිරි ගමනක යෙදීමට මිනිසාට නොහැකි වග පැහැදිලිය. එතැනින් දැන් අපි නැවත අපේ තෙත් බිම් දෙසට හැරෙමු. ඒ පිළිබඳ අපට කඩොලාන අමතක කර කතා කළ නොහැකිය. ඒ තරම්ම මිනිස් ජීවිතයට මෙරට සෑම පරිසර පද්ධතියකම දක්නට නොමැති වුවත් කඩොලාන කරන බලපෑම අති දැවැන්තය. ඇතැම් විට බොහෝ දෙනකු තවම ඒ ගැන නොදන්නවා වන්නටත් පුළුවන. ඒ අනුවය, කෙළවරදී අපට conserve our wetlands(cow) වශයෙන් එකම හඬක් නඟන්නට සිදු වන්නේ, ඒ මෙපරිද්දෙනි. ඉන් කියාපාන්නේ පරිසරයට කිසිසේත් අඩු සැලකිලි දැක්විය නොහැකි බවය. ඒ, අප ද පරිසරයේ කොටසක් වන බැවිනි. දැන් අපි නැවත කලපු දියවර ඔස්සේ කඩොලාන සිසාරා ගමන් අරඹමු.
අලුත්ම දත්ත අනුව සලකා බැලුව ද එය එසේමය. නූතන මිනිසුන් පරිසරය සමඟ පැවැති සහසම්බන්ධතා බිඳ දැමීමෙන් බෙහෙවින් අවුල් වියවුල් පැන නැඟී ඇත. පිරිසුදු ජලය අද ලෝකයේ ගැටුම් ඇති කරවන තැනට ඔඩු දුවා ඇත්තකි. ඊශ්‍රායල – පලස්තීන නූතන අර්බුදය පසුපස ද ඒ එසේමය. අද ලෝකයේ දියුණුම රටවල් රුපියල් බිලියන ගණනින් climate finance වෙනුවෙන් වෙන් කරන බව නොරහසකි. එසේම, ඒ පිළිබඳ ලෝක ප්‍රකට පුවත් වෙබ් අඩවි රැසක් නිරන්තරයෙන් අලුත් තොරතුරු වාර්තා කරනු දක්නටත් පුළුවන. එහෙත් පරිසර සංරක්ෂණයට මුවාවී බොහෝ රටවල් තවමත් යෙදී සිටින්නේ සංවර්ධන මාවතේම වගත් ජනමාධ්‍ය මඟින් බොහෝ ගවේශනාත්මක වාර්තා ඔස්සේ හෙළිදරව් කර තිබේ. ඊට රොයිටර් පුවත් ඔස්සේ මෑතකාලීනව කළ එක් හෙළිදරව්වකට අනුව මෙහි සැබෑ තතු හෙළි වෙයි. ඒ අනුව ඩොලර් මිලියන 167ක් climate finance සඳහා වෙන් කළ බවක් රුවා දැක්වූ එක් රටක එක් ව්‍යාපෘතියක් නිරීක්ෂණය කළ විට එහි ඇතුළත් සෝලා පද්ධති ඇතුළු ඉතා කුඩා ප්‍රතිශතයක් පමණක් ඒ ගණයට අයත් වගත් පොදුවේ බහුතර වශයෙන් සිදු කෙරෙනුයේ වෙනදා පරිසරයට බලපෑම් කරමින් යෙදුණු ගමනම වන වගත් බොහෝ විට පැහැදිලිය.
කාබන් අද ලොවේම අවධානය යොමු වූ මෘතෘකාවකි. ඒ අර්බුදයට යම් පිළියමක් වශයෙන් කඩොලාන වගාවට පිවිසීමේ ප්‍රවණතාවක් ලෝකයෙන් දක්නට පුළුවන. සැබැවින්ම කාබන් ප්‍රතිශතය අඩු කිරීමට දායක වීම කඩොලාන මඟින් වන එක් මෙහෙයක් පමණි. අනෙක, කඩොලාන හිතුමතේ ඕනෑම පරිසර පද්ධතියක වගා කළ නොහැකි වගය. ඇතැමුන් ඒ පිළිබඳ නොදන්නා වග පෙනෙන්නට තිබේ. එය එසේ නොවන්නට අනුරාධපුරයේ කඩොලාන වගා කිරීමට ඇතැම් විද්වතුන් යෝජනා නොකරනු ඇත.
කඩොලාන විනාශ වුවහොත්
එසේම, වෙනත් අගනා පරිසර පද්ධතියක් වනසා ඒ මත කඩොලාන වගා කිරීමට පෙලඹුණු අවස්ථා ද දක්නට පුළුවන. එහෙත් ඒ තිරසර නොවන්නකි. සැබැවින්ම මෙරට මේ වන විට දක්නට ලැබෙන්නේ කඩොලාන හෙක්ටයාර් 19000ක් තරම් ප්‍රමාණයකි. වර්ෂ 1980 සිට මේ දක්වා මෙරටට හිමිව තිබූ කඩොලාන පද්ධති වලින් හෙක්ටයාර් 10,000ක් පමණ මිනිස් ක්‍රියාකාරකම් ඇතුළු විවිධ කරුණු නිසා වැනසී ගොසිනි. යම් හෙයකින් කඩොලාන පද්ධතියක් විනාශ වුවහොත් නැවත ස්ථාපනය අතිශය දුෂ්කරය. වයඹ පළාතේ ආනවිළුන්දාව ඇතුළු පළාත් ගණනාවකදීම ඉස්සන් වගාව නිසා ඒ තත්ත්වය අත්වූ කඩොලාන පද්ධති බෙහෙවින් දක්නට පුළුවන. එහෙත් රටක් වශයෙන් කඩොලාන තවදුරටත් වර්ධනය කර ගැනීම අපට ඉතා වැදගත්ය. එහෙත් එය ආවාට ගියාට කළ නොහැක්කකි. ඒ පිළිබඳ දැනුමැත්තන්, විද්වතුන් එකතු කර ගනිමින් කළ යුත්තකි. වර්ෂාවට, රැලිවලට නතු වෙමින් මිනිස් ප්‍රජාව රැක දීම කඩොලානෙන් වන තවත් මෙහෙයකි. සුනාමි ආදී උවදුරුවලදී ඉන් වූ සේවය අමුතුවෙන් විස්තර කළ යුතු නැත. මේ අනුව මිනිසා ඇතුළු සත්ත්ව සන්තතියේ උන්නතියට අනභිභවනීය මෙහෙයක් ඉටු කරන කඩොලාන පද්ධති අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කොට පෝෂණය කිරීම කාගේත් වගකීමක් වන වග අවිවාදිතය. ඒ සිහියට නැඟෙන විට අවරගිරින් හිරු බැස යනු පෙනේ. ළා හිරු රැසින් කරදිය වළල්ලට මෙපිට කලපුව රන්වන් පැහැ ගන්වා ඇත. අප තවමත් මෙරට කඩොලාන පරිසරය රැක ගැනීමට පමා නැති වග ඉන් කියාපාන්නාක් මෙනි.
Dinamina
දංකොටුව රෝහල තුළ පවත්වාගෙන යන සේවාවන් තවදුරටත් වැඩි දියුණු කර විශේෂ සේවාවන් ද ස්ථාපිත කර රෝහල සංවර්ධනය කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා පවසයි. සෞඛ්‍ය ලේකම්වරයා මේ බව සඳහන් කළේ ඊයේ (10) දංකොටුව ප්‍රාදේශීය රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින්.
සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ලබා දී ඇති උපදෙස් පරිදි ප්‍රාදේශීය රෝහල්, ග්‍රාමීය රෝහල් සංවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළට සමගාමීව මෙම නිරීක්ෂණ චාරිකාව සිදු කර තිබේ.
මෙහිදී සෞඛ්‍ය ලේකම්වරයා විසින් රෝහලට ඖෂධ ලැබීමේ ක්‍රමවේදය, ඖෂධවල හිඟතාවයක් පවතින්නේ ද යන්න පිළිබදව විශේෂයෙන් සොයා බැලීමක් සිදු කළ අතර රෝගී සත්කාර සේවාවන් සිදු වන ආකාරය, රෝහල තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් තත්වය, රෝහලට ලැබිය යුතු මානව හා භෞතික සම්පත්වල අව්‍යශතාවයන් පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කලේය.
රෝහල තුළ පවතින යම් යම් ගැටලුවලට ක්ෂණික විසදුම් ලබාදීමට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙහිදී පියවර ගත් අතර ඇතැම් ගැටලුවලට කෙටි කාලීන මෙන්ම දීර්ඝ කාලීන විසදුම් ලබා ගැනීම සඳහා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ද මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා එක්විය.
රාජ්‍ය සේවාවන්ට අදාළ ආකෘති පත්‍ර පිරවීම නිවෙසේ සිටම සිදු කළ හැකි ආකාරයට ඩිජිටල් විසඳුමක් සලසමින් ‘ඩිජිටල් රාජ්‍ය පෝරම’ (Digital Government Forms) හඳුන්වා දීමට රජය පියවර ගෙන ඇත.
විදුලිය පාරිභෝජනයෙන් මසක් ඉක්මගිය පසු විදුලි බිල ගෙවිය යුතු ය.
රතු බිලක් ලබා දෙනුයේ මාසයක් ගත වූ පසුවයි.
රතු බිල්පත් නිකුත් කර තවත් දින 10ක සහන කාලයක් ලබාදෙනු ලැබේ.
විදුලිය විසන්ධි කරනුයේ ඉන් පසුවයි
විදුලිය පාරිභෝජනය කර මාසයක් ඉක්මගිය පසු විදුලි බිල ගෙවිය යුතු අතර බහුතර පාරිභෝගිකයන් සංඛ්‍යාවක් නියමිත වේලාවට විදුලි බිල්පත් ගෙවනු ලැබේ.
සාමාන්‍යයෙන් රතු බිලක් ලබා දෙනුයේ මාසයක් ගත වූ පසුවයි.
ඊට අමතරව රතු බිල්පත් නිකුත් කර තවත් දින 10 ක සහන කාලයක් ලබාදෙනු ලැබේ.
විදුලිය විසන්ධි කිරීම සිදුකරනු ලබන්නේ ඉන් පසුවයි.
ලංකා විදුලිබල මණ්ඩලය හඳුන්වාදුන් ඊ බිල් (e-bill) පත් ක්‍රමවේදය අනුව රතු බිල්පත් නිකුත් කිරීම ක්‍රම ක්‍රමයෙන් අඩු කරමින් පවති. ඒ වෙනුවට ඉතා ඉක්මනින් හිඟ මුදල SMS මඟින් පාරිභෝගිකයන් වෙත දැනුම් දෙනු ලැබේ. එමඟින් ඉතා කාර්යක්ෂමව ගෙවිය යුතු හිඟ මුදල දැනුම් දෙනු ලැබේ. මෙම ක්‍රමවේදය රතු බිල්පත් මුද්‍රණය කර බෙදා හැරීමට වඩා කාර්යක්ෂම සහ ලාභදායි වේ.
තව ද, 2023 නොවැම්බර් වන විට විසන්ධි කිරීම, නිවාස වසා තැබීම, පදිංචි කරුවන් නොමැතිවීම, නිවාස කඩා නව නිවාස සෑදීම ආදී විවිධ හේතු නිසා ශුන්‍ය පරිභෝජන (0 consumption) තත්වයේ පවතින ගිණුම් සංඛ්‍යාව 35,848 කි.
වේගයෙන් නාගරීකරණය වන මහරගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ, නගර ආශ්‍රිත සංවර්ධන කටයුතු වේගවත් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ ආයතන වෙත උපදෙස් ලබා දුන්නේය.
ඊශ්‍රායල් රැකියා අවස්ථා ලබාගැනීම සදහා කිසිදු බාහිර පාර්ශවයකට මුදල් ලබාදිය නොදිය යුතු බවත්, එසේ මුදල් ලබාදී ඇති බවට තහවුරු වුවහොත් මුදල් ලබාදුන් අයගේ රැකියා අවස්ථාවන් අහිමිවන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය අවධාරණය කර සිටී.
කළුතර දිසා අධිකරණයේ කාර්යාල සහයකයෙකු අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් බව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
Page 64 of 706