ඒ අනුව ඊයේ (22) සිට එළඹෙන 29 වන දා දක්වා අනුරාධපුර කීල්ස් සුපර් අසල ඇති ගොඩනැගිලි සංකීර්ණයේ දී ප්‍රදර්ශනය පැවැත්වේ. සිව්වන වරටත් පවත්වන මෙම ප්‍රදර්ශනය සදහා ශ්‍රී ලංකාවේ නම් දැරූ ග්‍රන්ථ ප්‍රකාශකයින් රැසක් එක්ව සිටී.
හමුදා සාමාජිකයින්ට ආහාර වේල් ලබාදීම වෙනුවට එම සලාක මුදල ලබන ජනවාරියේ සිට ඔවුන්ගේ මාසික වැටුපට එක් කිරීමට තීරණය කර ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.
එමෙන්ම ඔවුනට අවශ්‍ය ආහාර හමුදාවෙන්ම සහනදායී මිලකට ගැනීමට වැඩපිළිවෙළක්ද හඳුන්වා දෙන බව ඔහු සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ එම අමාත්‍යාංශයේදී අද (29) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය
මෙසේ කටයුතු කිරීමෙන් හමුදා සාමාජිකයින් ගේ මූල්‍ය ශක්තිය වඩාත් ස්ථාවර වීම පමණක් නොව මූල්‍ය විනිවිදභාවය සහ වගවීම වඩාත් තීව්‍ර වනු ඇතැයි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කළේය.
මෙම නව තීරණයෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පනස් පන්දහසකට පමණ සෙත සැලසෙනු ඇතැයි රජය විශ්වාස කරයි.
වසර 11කට පසු ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවයට සීමිත තරග විභාග යටතේ බඳවා ගත් නිලධාරීන් සඳහා පත්වීම් ප්‍රදානය පසුගියදා (20) සිදු කෙරිණ.
වාර්ෂිකව පවත්වන අනුරාධපුරයේ දැවැන්තම පොත් ප්‍රදර්ශනය වන අනුරපුර පොත් වසන්තය අද ආරම්භ කෙරිණි.
ඒ අනුව ඊයේ (22) සිට එළඹෙන 29 වන දා දක්වා අනුරාධපුර කීල්ස් සුපර් අසල ඇති ගොඩනැගිලි සංකීර්ණයේ දී ප්‍රදර්ශනය පැවැත්වේ. සිව්වන වරටත් පවත්වන මෙම ප්‍රදර්ශනය සදහා ශ්‍රී ලංකාවේ නම් දැරූ ග්‍රන්ථ ප්‍රකාශකයින් රැසක් එක්ව සිටී.
තායිපේ සිටි කප් ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේ දී ශ්‍රී ලාංකික යොවුන් බොක්සිං ක්‍රීඩකයින් රන් පදක්කම් 02 ක් , රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගෙන 08/27 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
ශ්‍රි ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපිඨ කඳවුර විසින් සංවිධානය කරනු ලබන ගුවන් හමුදා “AERO BASH 2024” අධ්‍යාපනික හා තාක්ෂණික වෙළද ප්‍රදර්ශනය අදින් (26) අවසන් වේ.
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පේදුරු තුඩුවේ සිට නාවික සැතපුම් 447ක් පමණ (කිලෝ මීටර් 827ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ දී ආපදාවට ලක් වූ මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව් දෙනෙකු(04) කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ඉන්දීය ධීවර යාත්‍රාවක් මඟින් නිරුපද්‍රිතව මුදවා ගැනීමට කටයුතු කර ඇති බව, ඉන්දියාවේ චෙන්නායි සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත පසුගිය දා (21) වන දින දැනුම් දීමක් සිදු කර ඇත.
අගෝස්තු මස 30 වන දිනට යෙදී ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන ජාත්‍යන්තර අතුරුදහන් වු තැනැත්තන්ගේ දිනය සැමරීම අද (28) හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ දී අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන ලද පොහොර වර්ග 05ක මිල ගණන් රුපියල් 4000කින් අඩු කිරීමට පියවර ගෙන ඇත.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අවසානයේ සිය පළමු ඉනිමට පන්දුවට පහරදෙමින් සිටින එංගලන්ත කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 259ක් ලබා සිටියේඅය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත අද (27) පෙරවරුවේ පැමිණ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ නිකායික මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීමේ දී නව සේවා නිලධාරීන් ලෙස අන්තර්ග්‍රහණය වූ සමෘද්ධි නිලධාරීන් වෙත මුල් සේවා නිලධාරීන් ලෙස මනාපය සංශෝධනය කිරීමට නැවත අවස්ථාවක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය එකගතාව පළ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
දියුණු ආර්ථිකයක් හිමි දකුණු කොරියාවේ ධිවර අංශයේ රැකියා සඳහා ශ්‍රි ලාංකික ශ්‍රමිකයන්ට අවස්ථාව ලැබී තිබෙන අතර මෙලෙස අවස්ථාව ලැබූ 120 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගියදා කොරියාව බලා පිටත්ව ගිය බව, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ඊයේ දින (2024 අගෝස්තු 24) ගාල්ල මහමෝදර සිට දඩැල්ල දක්වා සහ හම්බන්තොට නගර සීමාවේ වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරිණි.
මාතර දිස්ත්‍රික්කයේ ආක්‍රමණික ශාකයක් වශයෙන් හඳුනාගෙන ඇති යෝධ නිදිකුම්බා වර්ධනය හේතුවෙන් පුරන් වී ඇති කුඹුරු ඉඩම්වල යෝධ නිදිකුම්බා ඉවත්කර එම කුඹුරු නැවත අස්වැද්දිය හැකි තත්ත්වයට පත්කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වූ රැස්වීමක් මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් නිළ සාකච්ඡා මැදිරියේ දී පැවැත්විණි.
55 පාබල සේනාංකයේ භට පිරිස් විසින් ඉදිකරන ලද කිලිනොච්ච් CIMIC උද්‍යානය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා විවෘත කරයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ලෙස පෙනී සිටිමින් වංචනික පිරිසක් ව්‍යාපාරික ස්ථානවලට ගොස් බදු මුදල් රැස් කරන බවට දිගින් දිගටම පැමිණිලි ලැබෙමින් ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
එහි මධ්‍ය කමිටුව සඳහන් කළේ, කොළඹ, පානදුර, මීගමුව, වෙන්නප්පුව, මිනුවන්ගොඩ ආදී ප්‍රදේශවලින් එම පැමිණීලි ලැබී ඇති බවයි.
බදු වර්ගවලට අදාළ බදු මුදල් රැස් කිරීමේදි දේශීය ආදායම් නිලධාරීන් විසින් බදු ගෙවන්නන් වෙත ගොස් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම්වලට පමණක් බදු මුදල් තැන්පත් කිරීමට උපදෙස් දෙන බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මුදල් හෝ චෙක්පත් එකතු කිරීමක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සිදු කරන්නේ නැහැ.ඒ අනුව වංචනික පුද්ගලයින් වෙත මුදල් ලබා නොදන ලෙසත් ඔවුන් නීතියේ රැහැනට හසුකර දෙන ලෙසත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
දැනටමත් එවැනි වංචනිකයින්ට හසුවී ඇත්නම් ළඟම පොලිසියට දැනුම් දෙන්නැයි, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවට දැනුම් දෙයි
Aruna
ගුවන් තොටුපොළ මගින් මෙරටට ඇතුළු විය හැකි Mපොක්ස් (මන්කිපොක්ස්) රෝගින් හඳුනාගැනීම සඳහා මුළු රටම ආවරණය වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආවේක්ෂණ පද්ධතිය වඩාත් ශක්තිමත් කර තිබෙන බවත්, Mපොක්ස් රෝගීන් වාර්තා වුවහොත් ඔවුන් වෙන් කර ප්‍රතිකාර කිරීමේ පහසුකම් කොළඹ, බෝවන රෝග විද්‍යායතනය තුළ ස්ථාපිත කර තිබෙන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කරයි.
Page 62 of 742