In tandem with the festive season the Government via Sri Lanka Tourism Promotion Bureau and other partners has lit up the Colombo city making it a beautiful sight at night. Additionally, singing of Christmas carols and musical shows are on offer.
යාපනය දිස්ත්‍රික්කයේ අද (21) සහ හෙට (22) විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් පැවැත්වේ.
ඩෙංගු මදුරු මර්දනය සහ ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිමට සියලු පියවර ගන්නා ලෙස සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. සෞඛ්‍ය ලේකම්වරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ඩෙංගු මදුරු මර්දනය, පාලනය සහ ඩෙංගු රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිමට අදාළව ඊයේ (18) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදීය.
පාරිසරික අභියෝගවලට මුහුණ දීමේදී තරුණ පරම්පරාවට තීරණාත්මක කාර්යභාරයක් පැවරී ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.
ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සඳහා තෝරා ගනු ලැබූ පළමු කණ්ඩායම ඊයේ(18) රාත්‍රියේ දී කටුනායක ගුවන්තොටුපොලින් ඊශ්‍රායලය බලා පිටත්ව ගියේය.
සීසාමින් තිබු ටැක්ටර් රථයක නගුලට පසුගිය සැප්තැම්බර් 06වැනිදා හසුවී තුවාල ලබා සිටි කිරි ඉබ්බෙකුට ප්‍රතිකාර කිරීමට ගලෙන්බිදුණුවැව කොලණිය පඩිකාරමඩුව ලිපිනයේ පදිංචි සුගත් උදය කුමාර නැමැති තරුණ වෙද මහතෙකු කටයුතු කර තිබුණි.
මසකට වැඩි කාලටක් තම නිවසේ කිරි ඉබ්බෙකුට ජිවත්වන්නට අවශ්‍ය පරිසරය සකස් කොට සතාය අවශ්‍ය සියළුම පහසුකම්ද සහිතව සුරක්ෂිතව ප්‍රතිකාර කටයුතු කල අතර පුර්ණ සුවය ලැබු මෙම කිරි ඉබ්බා පසුගියදා (19) කුඹුක්වැව ට නිර්පද්ධිතව මුදහැරිමට කටයුතු කළේය.
සත්ත්වයෙකු තුවාල ලබා වේදනාවෙන් පසුවන මොහොතක මෙලෙස ප්‍රතිකාර කරමින් වැඩි අයුෂ කාලයක් ජිවත්වන කිරි ඉබ්බේකුගේ ජිවිතය බේරාගැනීමට දරන උත්හය රටටම දෙන ආදර්ශයක් බවත් මිනිසාට පමන නොව ඔනැම පන ඇති සත්වයකුගේම ජිවිතය මෙන්ම මිනිසාට මෙන්ම සත්වයාටත් මේ ලොකයේ ජිවත් වන්නට අයිතියක් තිබේ යන්න ලොකයාට වටහා දීම වෙනුවෙන් මෙවන් මහගු ක්‍රීයාවක් කල මෙවැනි මිනිසුන් අගයකල යුතුය නොවන්නෙද ? සුගත් උදය කුමාර නැමැති තරුණ වෙද මහතා සමස්ථ රටෙහිම කොයි කාටත් මෙයින් ආදර්ශයක් සපයයි.
-Dinamina
මධ්‍යම පරිසර අධිකාරිය මෙරට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරන පරිසර නියමු වැඩසටහනේ වාර්ෂික මහා මංගල්‍යය මෙම මස 20, 21, 22 සහ 23 යන දිනවල දී මහරගම - ජාතික අධ්‍යාපන ආයතනයේ පරිශ්‍රයේ දී උත්කර්ෂවත් ලෙස පැවත්වීමට කටයුතු යොදා ඇත.
ජනාධිපති කාර්යාලය, සංචාරක සංවර්ධන මණ්ඩලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව ජනාධිපති කාර්යාල පරිශ්‍රය සහ ඒ අවට වාර්ෂිකව සංවිධානය කරනු ලබන විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ නත්තල් කලාපය ඊයේ (20) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි.
ජාතික තරුණ සේවා සභාව මගින් ක්‍රියාත්මක දේශීය තරුණ හුවමාරු වැඩසටහන යටතේ අන්තර් සංස්කෘතික ආර්ථික සහජීවනය උදෙසා නෑගම් යාමේ මාතලේ දිස්ත්‍රික් වැඩසටහන අද ආරම්භ විය.
සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින් උතුරු පළාතේ යාපනයේ “ජාතික පළාත් මහජන අදහස් විමසීම”සාර්ථකව සිදු කර ඇත.
බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණගේ දියණියක් වන ඈන් කුමරිය නොබෝ දිනකින් ශ්‍රී ලංකාවේ සංචාරක නිරත වීමට නියමිතය.
අනුරාධපුර පුලියන්කුළමේ බන්දුල ගොවි මහතා අක්කර භාගයකින් රුපියල් කෝටියක ආදායමක් ලබා ගනිමින් මිරිස් වාර්තාව අලුත් කර තිබේ.
ශ්‍රීපාදස්ථානයේ ආරම්භ කිරීමට නියමිත නව පානීය ජල ව්‍යාපෘතියට අවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ මෙහෙයුමක් පසුගියදා(15) නල්ලතන්නිය ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.
Lighting up of the City began yesterday starting from the Presidential Secretariat Street.
Page 62 of 705