Thursday, May 07, 2026
Follow Us
කොළඹ රෝහල් රැසක විදුලි බිල ගෙවා නෑ – ලංවිම

මණ්ඩලයට ගෙවිය යුතු සම්පූර්ණ මුදල රු. මිලියන 400ක්


සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු කොළඹ නගරයේ පිහිටි රෝහල් රැසක විදුලි බිල ගෙවා නැති බව ලංකා විදුලි මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ආයතනවලින් මණ්ඩලයට ගෙවිය යුතු සම්පූර්ණ මුදල රුපියල් මිලියන 400 කි.

සෞඛ්‍ය අමාත්‍යාංශය, කොළඹ ජාතික රෝහල, කොළඹ දන්ත රෝහල, කොළඹ අක්ෂි රෝහල, කාසල් වීදියේ කාන්තා රෝහල, බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල, ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ඇතුළු ආයතන රැසකින් මෙම මුදල අය වීමට ඇත.

මෙම නගරයේ සියලුම සෞඛ්‍ය ආයතනවලින් මාසිකව රුපියල් මිලියන 100 ක විදුලි බිලක් ලැබෙන බව මෙම ආරංචි මාර්ග මගින් හෙළිවේ.

හිඟ මුදල් ගෙවන ලෙස මේ වන විට අවස්ථා ගණනාවකදීම විදුලි බල මණ්ඩලය විසින් මෙම ආයතන දැනුවත් කර ඇත.

Aruna