Saturday, January 24, 2026
Follow Us
දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් ජනතාවට රජයෙන් ලබා දෙන රුපියල් 50,000 දීමනාව 70%කට ගෙවා අවසන්

 

Ø රුපියල් 25,000 ලබා දීමේ ප්රගතිය 97% යි
Ø පාසල් සිසුන්ගේ දීමනාව ලබා දීමේ ප්රගතිය 73 % යි
Ø සුළු හා මධ්ය පරිමාණ කර්මාන්තකරුවන් යළි නගා සිටුවීමට
රුපියල් ලක්ෂ 02 බැගින් දීමනාවක්
දිට්වා සුළි කුණාටුවෙන් පසු පවුල් නැවත පදිංචි කරවීම සඳහා මෙන්ම ජන ජීවිතය යථාවත් කිරීම සඳහා රජය විසින් ලබා දෙන වන්දි මුදල් නිසි කළමනාකරණයකින් යුතුව එම ජනතාව වෙත ලබා දීම මේ වන විට සාර්ථකව සිදු කරමින් පවතී.
 
ඒ අනුව, දිට්වා සුළි කුණාටුවෙන් පසු පවුල් නැවත පදිංචි කරවීම සඳහා මුළුතැන්ගෙයි උපකරණ ලබාගැනීම වෙනුවෙන් රජයෙන් ලබා දෙන රුපියල් 50,000 දීමනාව මේ වන විට 70%කට ගෙවා අවසන් කර තිබේ.
 
දිස්ත්රික්ක 25හි පවුල් 156,805ක පිරිසක් මෙම දීමනාව ලබා දීම සඳහා ගණනය කර තිබු අතර එයින් පවුල් 109,512කට මේ වන විට එය ගෙවා අවසන් කර ඇත.
නුවරඑළිය පවුල් 1,191ක් මෙම දීමනාව ලබා ගැනීමට සුදුසුකම් ලබා තිබු අතර එම සියලු පවුල් වෙත දීමනාව ලබා දී අවසන් කර තිබේ. එමෙන්ම මාතලේ දිස්ත්රික්කයේ පවුල් 1,253න්, 1,143කට දීමනාව ලබා දී ඇති අතර එහි ප්රගතිය 91%කි. මහනුවර දිස්ත්රික්කයේ පවුල් 8,409න්, 7,083කට දීමනාව ලබා දී ඇත. එහි ප්රගතිය 84%කි.
ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, වවුනියාව, කිලිනොච්චිය, අම්පාර, බදුල්ල සහ මොණරාගල දිස්ත්රික්කවල රුපියල් 50,000 දීමනාව ලබා දීමට ගණනය කළ සියලු පවුල් වෙත එම දීමනාව ලබා දී අවසන් කර තිබේ.
 
මන්නාරම දිස්ත්රික්කයේ රුපියල් 50,000 දීමනාව ලබා දීමේ ප්රගතිය 98%කි. මුලතිව් දිස්ත්රික්කයේ 99%කට ලබා දී අවසන් කර ඇති අතර, කුරුණෑගල දිස්ත්රික්කයේ 91%කටත්, අනුරාධපුර දිස්ත්රික්කයේ 91%කටත්, රත්නපුර දිස්ත්රික්කයේ 84%කට සහ කෑගල්ල දිස්ත්රික්කයේ 93%කට දීමනාව ලබාදී අවසන් කර තිබේ.
එමෙන්ම ආපදාවෙන් පසු නිවාස පවිත්ර කර ගැනීම සඳහා රජයෙන් ලබා දෙන රුපියල් 25,000ක දීමනාව ගෙවා අවසන් කිරීමේ සමස්ථ ප්රගතිය 97%කි.
දිස්ත්රික්ක 25හි පවුල් 435,104ක් මෙම දීමනාව ලබා ගැනීම වෙනුවෙන් සුදුසුකම් ලබා තිබු අතර එයින් පවුල් 422,900කට මේ වන විට දීමනාව ලබා දීම අවසන් කර ඇත.
ඒ අනුව කලුතර, නුවරඑළිය, ගාල්ල, හම්බන්තොට, කිලිනොච්චිය, අම්පාර, බදුල්ල, මොණරාගල දිස්ත්රික්කවල සුදුසුකම් ලැබූ සියලු පවුල් වෙත එම දීමනාව සම්පුර්ණයෙන් ගෙවා අවසන් කර ඇත.
 
රුපියල් 25,000 දීමනාව මහනුවර දිස්ත්රික්කය තුළ ගෙවීමේ ප්රගතිය 99%කි. මාතලේ දිස්ත්රික්කයේ 95%කටත්, යාපනය දිස්ත්රික්කයේ 88%කටත්, මන්නාරම දිස්ත්රික්කයේ 94%කටත්, වවුනියාව දිස්ත්රික්කයේ 99%කටත්, මුලතිව් දිස්ත්රික්කයේ 98%කටත්, මඩකලපුව දිස්ත්රික්කයේ 98%කටත්, ත්රිකුණාමල දිස්ත්රික්කයේ 98%කට, කුරුණෑගල 98%කට, පුත්තලම 97%කට, අනුරාධපුර 98%කට, පොළොන්නරුව 97%කට, රත්නපුර 99%කට, කෑගල්ල 90%කට රුපියල් 25,000 දීමනාව මේ වන විට ගෙවා අවසන් කර ඇත.
එමෙන්ම ආපදාවෙන් පීඩාවට පත් පවුල්වල පාසල් සිසුන් වෙනුවෙන් රජයෙන් ලබා දෙන රුපියල් 15,000ක දීමනාව ගණනය කළ පිරිසෙන් 73%කට මේ වන විට ගෙවා අවසන් කර තිබේ. තවද ජනාධිපති අරමුදලින් ලබා දෙන රුපියල් 10,000ක දීමනාව ලබා දීමේ කටයුතු ද මේ දිනවල සිදු වේ.
 
රුපියල් 15,000ක දීමනාව ලබා දීම සඳහා දිවයිනේ දිස්ත්රික්ක 25හි සිසුන් 186,893ක් තෝරාගෙන තිබු අතර එයින් සිසුන් 136,994කට මේ වන විට දීමනාව ගෙවා අවසන්ය.
ඒ අනුව ඉතිරි පිරිස් වෙනුවෙන්ද කඩිනමින් අදාළ දීමනා ගෙවා අවසන් කිරීමට රජය යුහුසුළුව කටයුතු කරමින් සිටින අතර ඒ වෙනුවෙන් වු රාජ්ය යාන්ත්රණය ශක්තිමත් කර තිබේ.
තවද, 'දිට්වා' සුළි කුණාටුවෙන් ආපදාවට පත් කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශය යටතේ ලියාපදිංචි කර්මාන්ත හිමිකරුවන් 6370 ක්‌ සම්බන්ධයෙන් තොරතුරු මේ වන විට සත්යාපනය කරගෙන තිබෙන අතර, රුපියල් 200,000ක් බැගින් වූ එක් වරක් පමණක් ගෙවනු ලබන දීමනාව අයදුම්කරුවන් 5034 ක් වෙත ගෙවීම සඳහා රුපියල් 1,006,800,000 ප්රතිපාදන අමාත්යාංශය විසින් දිස්ත්රික් ලේකම් කාර්යාල වෙත ලබා දී ඇත.
 
'Rebuilding Sri Lanka' යටතේ ආපදාවෙන් පූර්ණ හානි සිදු වූ නිවාස සඳහා වන්දි ප්රදානය සහ නව නිවාස ඉදිකර දීමේ PROJECT 5M වැඩසටහන පසුගිය ජනවාරි 09 වන දා ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් අනුරාධපුරයෙන් සහ කුරුණෑගලින් ආරම්භ කෙරිණි.
 
දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වු පුද්ගලයන්ට නිවාස ඉදිකර දීමේ වැඩසටහනේ පළමු අදියර යටතේ ආපදාවෙන් පූර්ණ ලෙස නිවාස අහිමි වූ නැවත එම ස්ථානයේම නිවාස ඉදිකළ හැකි පවුල් වෙනුවෙන් නිවාස ඉදිකර දීම සිදු කෙරෙන අතර එක් නිවසක් වෙනුවෙන් වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 50කි.
 
එමෙන්ම ආපදාවෙන් නිවාස අහිමි වූ එම ස්ථානයේ නැවත පදිංචිවීම සුදුසු නොවන බවට නිර්දේශ කළ පවුල් වෙනුවෙන් නිවාස ඉදිකර දීම සඳහා අවශ්ය ඉඩම් හඳුනා ගැනීමේ කටයුතුද මේ වන විට රජය ආරම්භ කර තිබේ.
 
මේ අතර යුද්ධයෙන් අවතැන්වූ උතුරු සහ නැගෙනහිර පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් නිවාස 2500ක් ඉදිකිරීම ඇතුළුව රට පුරා නව නිවාස 31,218 ක් ඉදිකිරීමේ ‘තමන්ගෙම තැනක්-ලස්සන ජීවිතයක්’ ජාතික නිවාස වැඩසටහනද මීට සමගාමීව ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් පසුගියදා යාපනයේදී ආරම්භ කෙරිණි.
වගා හානි සඳහා ගොවි ජනතාවට වන්දි මුදල් නිදහස් කිරීමද මේ වන විට කාර්යක්ෂම සිදු වන අතර විනාශ වූ සත්ව ගොවිපොළ පිළිබඳව නිසි දත්ත රැස් කරමින් ඒ වෙනුවෙන් ලබා දිය යුතු වන්දි මුදල් ගණනය කිරීම සිදු වේ.
 
ආපදාවෙන් පසු ජන ජීවිතය යළි ගොඩනැංවීමේදී පැවති තලයට වඩා එම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළට ඔසවා තැබෙන අන්දමින් එම කටයුතු සිදු කිරීමේ අවශ්යතාව ජනාධිපතිවරයා නිරන්තරයෙන් අවධාරණය කර ඇති අතර, ඒ අනුව නිසි සැලසුම් සහ කළමනාකරණයකින් යුතුව මෙරට ඉතිහාසයේ ආපදාවකින් ජනතාව වෙත ලැබුණු වැඩිම වන්දි මුදල් ලබා දීමේ වැඩපිළිවෙළ රජය සාර්ථකව ඉදිරියට ක්රියාත්මක කරමින් සිටී.