Saturday, January 24, 2026
Follow Us
එක් තීරයක් එක් මාවතක් තානාපති ශිෂ්‍යත්ව වැඩසටහනේ ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කෙරේ

චීනයේ අධ්‍යයන කටයුතුවල නිරත ශ්‍රී ලාංකික සිසුන් සඳහා වන 2025 එක් තීරයක් එක් මාවතක් තානාපති ශිෂ්‍යත්ව (Belt and Road Ambassador Scholarship) වැඩසටහනේ ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමඟ සහයෝගයෙන් බීජිං හි පිහිටි එක් තීරයක් එක් මාවතක් තානාපති ශිෂ්‍යත්ව විශේෂ අරමුදල් කළමනාකරණ කමිටුව (OCCFC Belt and Road Ambassador Scholarship -Special Fund Management Committee) මෙම ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර ඇත.

මේ සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම පසුගිය නොවැම්බර් මස 13 සිට දෙසැම්බර් මස 2 වැනිදා දක්වා සිදු විය. තානාපති ශිෂ්‍යත්ව වැඩසටහනේ විශේෂ අරමුදල් තක්සේරු කමිටුවේ ඒකාබද්ධ උත්සාහයෙන් ඇගයීම් හරහා මුළු අයදුම්කරුවන් 62 කු අතුරින් ජයග්‍රාහකයින් 16 දෙනෙකු තෝරාගෙන ඇත.

මෙම ශිෂ්‍යත්වය ශ්‍රී ලාංකික සිසුන්ට සහාය වීම සහ  එක් තීරයක් එක් මාවතක් මුලපිරීම යටතේ දෙරට අතර අධ්‍යාපන සහයෝගීතාව ශක්තිමත් කිරීම අරමුණු කරයි.

එක් තීරයක් එක් මාවතක් තානාපති ශිෂ්‍යත්ව විශේෂ අරමුදල් කළමනාකරණ කමිටුවේ නිවේදනයට අනුව අවසන් ජයග්‍රාහකයින් 16 දෙනා පහත දැක්වේ.

  1. Sumanasara Thero Rev Sandamadulle

Fudan University Philosophy – Religious Studies / PhD

  1. Dinuka Janith Nimesha Wijepvrage

Civil Aviation University of China Telecommunication

Engineering/Undergraduate

  1. Minadee Nehansa Ganiahchi

Tianjin University/Clinical Medicine/Undergraduate

  1. R.A.Dilan Thanushka Ranasinghc

Dalian Medical College/MBBS Clinical Medicine/Undergraduate

  1. Nethika Ashinshani Kahapola Arachchi

Yunnan University of Finance and Economics (Project Management)/Master

  1. Charith Madusanka Widanage

University of Chinese Academy of Sciences (Meteorology)/PHD

  1. Upananda Thero Rev Theripaha

Sichuan International Studies University (Applied Linguistics)/PHD

  1. Vineth Vimukthi Wickremasinghe

Zhejiang University (MBBS)

  1. Panagoda Dona Dhanusha Nilakshi Liyanage

Communication University of China(Master’s Degree)

  1. Nilunda Madhusanka Upalige

Graduate School of Chinese Academy of Agricultural Sciences (Plant Pathology)

  1. Irishi Neathra Dombagoda Liyanage

Jingdezhen Ceramic University (Business Administration)/undergraduate

  1. Nryomi Mrdhushika Lrkmrli Marambuwe Mohottalage

Beijing Foreign Studies University (Foreign Linguistics and Applied Linguistics)/PHD

  1. Praboda Kavindi Pushpa Kumari Thirana Gamage

Civil Aviation University of China (Tianjin)/ (Communication Engineering)/undergraduate

  1. Muhammadu Haleek Muhammadu Azhar Disanayaka Upalige

Beijing Institute of Technology (Computer Science)

  1. Vidura Bimsara Gunawardhana Liyana Arachchi Appuhamilage

University of International Business and Economics (Public Administration)

  1. Piumi Milange

Sichuan University (Archaeology)

මෙම ඇගයීම් ප්‍රතිඵලය  ප්‍රසිද්ධ නිවේදනයෙන් දින තුනකට පසුව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන බව ද එක් තීරයක් එක් මාවතක් තානාපති ශිෂ්‍යත්ව විශේෂ අරමුදල් කළමනාකරණ කමිටුව පවසයි.

Dinamina