නියාපෘතියේ දෙවන අදියර යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර දිස්ත්‍රික්කයේ කණන්විල සහ හීනටියන්ගල දී අද (24) පස්වරුවේ සිදු විය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන “සුවපත් රටක් උදෙසා” (HEALTHY SRI LANKA) නව්‍ය වැඩසටහන යටතේ මෙම මධ්‍යස්ථාන පිහිටුවීම සිදු වේ.
රෝග හදුනා ගැනීම, ප්‍රතිකාර සහ පාලනය ශක්තිමත් කිරීම සදහා මෙම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ඉවහල් වන බව මෙහිදී පෙන්වාදුන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රටපුරා දිස්ත්‍රික්ක 21 ක මෙවැනි මධ්‍යස්ථාන 42 ක් ආරමිභවීමත් සමග මේ වන විට ආරමිභ වු මධ්‍යස්ථාන ප්‍රමාණය 47 ක් වන බව ද පැවසීය.
මෙම ව්‍යාපෘතිය අද වනවිට ස්ථාවර තත්ත්වයකට පත්ව ඇති බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා ස්ථාපිත ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන සඳහා රටේ ජනගහනයෙන් 247,251 ක ජනතාවක් සම්බන්ධ කරගැනීමට කටයුතු සිදු වන බව ද පැවසීය.
මෙම ව්‍යාපෘතිය සඳහා දැනටමත් රුපියල් මිලියන 1500 ක් මෙවර අයවැයෙන් වෙන් කර ඇති බවත් ඒ අනුව මෙම වසර තුළ මුළු දිවයිනම ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක 19 ක එයටම ආවේණික සැලසුමකින් නව මධ්‍යස්ථාන 25 ක් ආරමිභ කරන බවත්, ඒ සඳහා රුපියල් මිලියන 750 ක් යොදවන බවද ඉතිරි මුදල් තවත් හදුනාගත් ස්ථානවල සුවතා මධ්‍යස්ථාන 175 ක් ස්ථාපිත කිරිමට පියවර ගනිමින් මෙම වසර තුළ ආරෝග්‍යා සුවතා මධස්ථාන 250 ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ද පැවසීය.
මෙරට බෝ නොවන රෝග වාර්තාවීම ඉහළ අගයක් ගන්නා බවත්, ඒ පිළිබද නියම සංඛ්‍යා ලේඛණ තවමත් නොවන බවත් පැවසු අමාත්‍ය්‍යවරයා රෝගීන් රෝහල් වලට වාර්තා වන විට ප්‍රතිකාර කළ යුතු මට්ටම අභිභවා ගොස් ඇති බව ද පැවසීය.
එම හේතුවෙන් එම රෝගීන්ට ප්‍රතිකාර කිරීමට නවීන මිල අධික උපකරණ හා ඖෂධ ලබාදීමට සිදුවන බවත්, එවැනි මිල අධික උපකරණ මිල දී ගත්ත ද බෝ නොවන රෝග නිසා සියයට 80 ක සියයට 85 ක ජිවිත අහිමිවන බව ද පැවසීය.
මෙම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන සඳහා මුලික රෝග ප්‍රතිකාර රැසක් එක් උපකරණයකින් සිදු කළ හැකි උපකරණයක් හදුන්වාදීමට ඉදිරියේ දී පියවර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම නියමු ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 05 ක් 2025 වසරේ ස්ථාපිත කරන ලදි. ගාල්ල දිස්ත්‍රික්කයේ මාපලගම, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇත්ඔය, කළුතර දිස්ත්‍රික්කයේ තල්පිටිය, මහනුවර දිස්ත්‍රික්කයේ පොළගොල්ලවත්ත, මාතලේ දිස්ත්‍රික්කයේ ගන්කන්ද යන ප්‍රදේශවල එම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන පිහිටුවනු ලැබීය.
එම නියමු ව්‍යාපෘතියේ අත්දැකීම් පාදක කර ගනිමින් මෙම වසර තුළ මුළු දිවයිනම ආවරණය වන පරිදි නව ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 250 ක් ස්ථාපිත කිරිමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇති අතර, මේ සඳහා දැනටමත් රුපියල් මිලියන 1500 ක් මෙවර අයවැයෙන් වෙන් කර ඇත.