Saturday, January 24, 2026
Follow Us
බෝඹුරුඇල්ල ජලාශයේ අක්‍රීය සොරොව් දොරටුව ක්‍රියාකාරී තත්වයට පත්කිරීමට නාවික හමුදා කිමිදුම් සහය

නුවරඑළිය බෝඹුරුඇල්ල ජලාශයේ අක්‍රීය තත්වයේ පැවති සොරොව් දොරටුව නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීම සඳහා, පසුගියදා (19) කිමිදුම් සහාය ලබා දීමට නාවික හමුදාව කටයුතු කෙරිණි.

බෝඹුරුඇල්ල ජලාශයේ සොරොව්ව අක්‍රීයවී ඇති බවත්, එය පරීක්‍ෂාකර යථාතත්වයට පත්කිරීම සඳහා නාවික හමුදා කිමිදුම් සහය ලබා දෙන ලෙසත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදාව වෙතින් සිදුකළ ඉල්ලීමකට කඩිනමින් ප්‍රතිචාර දැක්වු නාවික හමුදාව, ඒ සඳහා බටහිර නාවික විධානයට අයත් කිමිදුම් කණ්ඩායමක් යෙදවීමට කටයුතු කෙරිණි.

ඒ අනුව පැවති අයහපත් කාලගුණික තත්වය හමුවේ බෝඹුරුඇල්ල ජලාශයේ සොරොව්වේ ක්‍රියාකාරීත්වය අවහිරවන පරිදි සිරවී තිබූ දැව කොටස් ඇතුළු සුන්බුන් මහත් පරිශ්‍රමයක් යොදා ඉවත්කර, නැවත ක්‍රියාකාරී තත්වයට පත්කිරීමට නාවික හමුදාව විසින් මෙලෙස කටයුතු කෙරිණි.