2023 අංක 10 දරණ අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන්ට සහයදීමේ සහ ආරක්ෂා කිරීමේ පනත පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වු ජාතික අධිකාරිය පියවර ගෙන ඇති අතර ඒ අනුව දැනුවත් කිරීමේ වැඩසටහනක් පෑලියගොඩ නගරය කේන්ද්ර කර ගනිමින් ජුලි මස 22 ව දින පැවැත්වීමට නියමිතව තිබේ.
කැලණිය, වෙදමුල්ල විශ්රාම වැටුප් දෙපාර්තමේන්තු නිවාඩු නිකේතනයේදී එදින පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්වේ.
මෙම වැඩසටහන යටතේ පොලිස් නිලධාරීන්, ග්රාම සේවා නිලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සමෘද්ධි නිලධාරීන් ඇතුළු රාජ්ය නිලධාරීන්, ව්යවසායකයින් සහ මහජනතාව දැනුවත් කරනු ලබන අතර, අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත පිළිබඳව වු දැනුම ප්රමාණවත් නොවන බැවින් මෙවැනි වැඩසටහන් ඉදිරියටත් සංවිධානය කිරීමට එම අධිකාරිය කටයුතු යොදා තිබේ.