මීමුරේ, කරඹගොල්ල ප්‍රදේශයේදී ඊයේ (19) පස්වරුවේ වෑන් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 04 දෙනෙකු මිය ගොස් තිබේ.
වෑන් රථය අධික බෑවුම් සහිත ප්‍රධාන මාර්ගයකින් ඉහළ වංගුවේ සිට පහළ වංගුව දක්වා මීටර් 30ක් පමණ පහළට පෙරළී ගොස් යළි ප්‍රධාන මාර්ගය අසළ නැවතී තිබේ.
අනතුරින් මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් තිදෙනෙක් සහ එක් පිරිමි පුද්ගලයෙකු වන බව වාර්තා වෙයි.
එමෙන්ම අවුරුදු 5ක කුඩා දරුවෙකු සහ තවත් අයෙකු බරපතළ තුවාල ලබා තෙල්දෙණිය මූලික රෝහලට ඇතුළත් කළ පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති බවත් වාර්තා විය.
අනතුරට ලක්වන අවස්ථාවේදී වෑන් රථයේ පුද්ගලයින් 6 දෙනෙකු සිට ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව රථයේ සිටි පුද්ගලයින් පිටතට ගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.
මීමුරේ සංචාරක පැමිණි පිරිසක් මෙම අනතුරට ලක් ඇත.