ජනාධිපති ප්රදානය දිනාගත් බාලදක්ෂ දරු දැරියන් 332 දෙනෙකු සදහා සහතිකපත් ප්රදානෝත්සවය ගම්පහ දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති,කම්කරු නියෝජ්ය අමාත්ය මහින්ද ජයසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා(19) ගම්පහ සිරිකුරුස (Holy Cross College) විද්යාලයීය ශ්රවණාගාරයේදී පැවැත්විණි.
ශ්රී ලංකා බාලදක්ෂ සංගමය මඟින් මෙම ප්රදානෝත්සවය සංවිධානය කොට තිබූ අතර බාලදක්ෂ ව්යාපාරයට සම්බන්ධවන බාලදක්ෂයෙකුහට ලබාගත හැකි උසස්ම ප්රදානය වන "ජනාධිපති බාලදක්ෂ සහතිකපත් ප්රදානය " සෑම බාලදක්ෂ දිස්ත්රික්කයක්ම නියෝජනය වන පරිදි බාලදක්ෂයින් 332 දෙනෙකු හට ප්රදානය කිරීම මෙහිදී සිදු කරනු ලැබීය.
මීට සමගාමීව මානවක බාලදක්ෂයෙකුහට ලබාගත හැකි උසස්ම ප්රදානය වන බී.පී.ප්රදානයද මානවක බාලදක්ෂයින් සඳහා ප්රදානය කළ අතර ශ්රී ලංකා බාලදක්ෂ සංගමය මඟින් මෙහෙයවනු ලබන දිසා ඇගයීම් වැඩසටහනෙහි තර ඉසව් 18 ක් යටතේ සහ බාලදක්ෂ සමූහ සදහා කුසලාන,සම්මාන සහ සහතිකපත් ප්රදානයන්ද මෙහිදී සිදු කළහ.
බාලදක්ෂ සංගමයට සම්බන්ධවී සිටින සැවොම රටේ සෙසු දරුවන්ට විශාල ආදර්ශයක් වන බව නියෝජ්ය අමාත්ය මහින්ද ජයසිංහ මහතා මෙහිදි සඳහන් කළේය.