Wednesday, January 28, 2026
Follow Us
Political

නැවත දැනුම්දෙන තුරු කෝප් කමිටු රැස්වීම් අත්හිටවූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පැවසීය.

Political
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟා සිටුවීම විශේෂ අවධානය – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ.

2024 වර්ෂය ආර්ථික වශයෙන් ශක්තිමක් වසරක් බවට පත්කිරීම සඳහා 1.8 %ක ආර්ථිකයක් වෙත ගමන් කිරීම රජයේ මූලික අරමුණ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

Political

ඉංග්‍රීසි සාක්ෂරතාව දියුණු කිරිම වෙනුවෙන් දසවසරක වැඩ සටහනක් ආරම්භ කිරීමට රුපියල් මිලියන 500ක් වෙන්කරන බව අයවැය යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Political
“ශ්රී ලංකා බැප්ටිස්ට් සංගමය (සංස්ථාගත කිරී‌මේ) (සංශෝධන)” පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස 113(2) ස්ථාවර නියෝගය යටතේ ව්යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට පහත සඳහන් වන මන්ත්රීන් අතිරේක සාමාජිකයන් වශයෙන් තමන් විසින් නම් කරන ලද බව කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා අද (17) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
Political

පසුගිය 2023 වසරේ අය වැය යෝජනා තුළින් ජාතික ආර්ථිකය ඉහළට ඔසවා ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (14) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Political

ජනපති කරපු අයවැය කතාව බුදු දහමට කළ නිග්‍රහයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Political
මෙරට දූෂණය නැවැත්වීම සදහා ස්ථාපිත ප්රධානතම ආයතනයේ ප්රධානියාගේ තනතුර සුවිශේෂි බැවින් එහි ගෞරවය සහ වටිනාකමට ගැළපෙන පරිදි අදාළ වැටුප් පරිමාණය වඩාත් ශක්තිමත් විය යුතුයි - නැවත සළකා බලා කැබිනට් අනුමැතිය නැවත ලබා ගන්නා ලෙස මුදල් කාරක සභාවෙන් නිර්දේශ
Political

ජනතාවට අපා දුක පෙන්වා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හඳුන්වා දෙන මෙවර අයවැයෙන් විපක්ෂ නායක කාර්යාලයේ වැය ශීර්ෂය රුපියල් මිලියන 286ක් දක්වා වැඩි කර ඇතැයි එජාප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, වජිර අබේවර්ධන මහතා පැවසීය.

Political

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා 2024 අයවැය මගින් නව යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

Political

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ මඟින් රට නැවත රටේ ආර්ථිකය සුරක්ෂිත වූ විට ජනතාව රවටන දේශපාලනය කිරීමට විපක්ෂයට ඉඩක් නොලැබෙන නිසා විපක්ෂය නොයෙක් කතා කියමින් ජනතාව මුළා කිරීමට උත්සාහ දරන බව එජාපයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (16) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී කාරියවසම් මහතා මෙසේ ද කීය.

මේ රටේ විපක්ෂය සහ දේශපාලන ලෙස බංකොලොත් වූ පුද්ගලයන් මේ රට ගොඩගැනීමට උදව් නොකර තම පෞද්ගලික න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරමින් සමාජයේ පතුරන වැරදි ප්‍රචාර ඉවත් කරන්න අප කල්පනා කළා. පාර්ලිමේන්තුවේත් ඉන් පිටත් මේ අය වැය ගැන චෝදනා මුඛයෙන් කතා කරනවා අප දැක්කා. විශාල අමාරු කාලෙකට මුහුණ දී තිබෙන යුගයක අප ජීවත් වෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සහ විවිධ පුරෝකතන දී තිබියදී ජනාධිපතිවරයා හැම දෙයක්ම සලකා බලා සාධාරණ විදිහට ජනතා හිතවාදීව මේ අය වැය ඉදිරිපත් කළා.

මේ රටේ මිලියන 22ක ජනතාවක් ජීවත් වෙනවා. ජීවන වියදම ඉහළයෑම වැනි කරුණුත් එක්ක මේ රටේ සියලුම දෙනාට ඉතා අමාරු තත්ත්වයක් උදා වෙලා තිබෙන බව පිළිගත යුතුයි. එදා ලබා දුන්නු සමෘද්ධිය වෙනුවට අස්වැසුම යෝජනා ක්‍රමයෙන් පවුල් ලක්ෂ 18කට, මේ වසරේ සිට අස්වැසුම ලබාදීම සිදු වෙනවා. එදා සමෘද්ධියට වෙන් කළේ බිලියන 60යි. බිලියන 183ක් අස්වැසුම වෙනුවෙන් වෙන් කර තිබෙනවා. ඒ වගේම සමෘද්ධියට දුන්න රුපියල් 2500 වගේ නෙමෙයි.’ අපි රුපියල් පහළොස් දාහක් දෙනවා. ඉතාම අඩු ආදායම් ලබන අයට රුපියල් 15000ක්, ඊළඟ අයට රුපියල් 10000ක් සහ ඊළඟ කණ්ඩායමට රුපියල් 5000ක් ලෙස දෙනවා. නොලැබුණු අයට අභියාචනා ඉදිරිපත් කරන්නත් අවස්ථාව හිමියි. ඒ ප්‍රතිඵල මත ඔවුන්ටත් ලැබීමට නියමිතයි. රාජ්‍ය සේවකයන් ලක්ෂ 13ක් ඉන්නවා. ඔවුන්ට රුපියල් දහදාහක් වැටුප් දීමනා වැඩි කර තිබෙනවා. 2015 දී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස රුපියල් 10,000කින් මාසික දීමනා වැඩි කළා. මෙවරත් රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000කින් ජීවන වියදම් දීමනාව වැඩි කර තිබෙනවා. ලක්ෂ 18කට අස්වැසුම ලැබෙනවා. රාජ්‍ය සේවකයින් ලක්ෂ 13කට රුපියල් 10,000කින් වැටුප් වැඩි වෙනවා. ඒ වගේම දුබලතා අයට සහ වැඩිහිටි දීමනා වැඩි වී තිබෙනවා.ඒ වගේම රටේ ගොවිතැන් කරන්න පොහොර නොමිලේ ලබාදීම සිදු වෙනවා.

රජයේ නිවාස කුලී ගෙවල්වල ඉන්න ලක්ෂ ගණනකගේ කුලිය නැති කර ඔවුන්ට සින්නක්කර අයිතිය ලබා දීමට යෝජනා වී තිබෙනවා. ඉඩම් අයිතිය ලබා දෙන්නත් මේ අයවැය මඟින් කටයුතු කර තිබෙනවා.

මා අධ්‍යාපන ඇමැති කාලේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක කළ, සුරක්ෂා රක්ෂණය නැවත ලබාදීමට තීරණය කර තිබීම වැදගත් කාරණයක්.දරුවන්ගේ සෞඛ්‍ය වියදම ආණ්ඩුව භාර ගැනීමත්, පාසල් හා පෞද්ගලික යන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පාසල් ලක්ෂ 45ක සියලු දෙනාම මෙයින් ආවරණය වෙනවා.

ජනතාවට සහන දුන්නේ 2001 සහ 2015 ආණ්ඩුයි. අද පෝලිම් නෑ. මිනිස්සු මැරිලා පාරේ වැටෙන්නේ නැහැ. කිසිම නායකයකුට විකල්ප පිළිතුරක්, වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතා පමණයි කිව්වේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යා යුතුයි කියලා. ඔහුට මඩ ගසමින්, විවේචනය කරමින් කරන දේවල්වල විපාක විඳින්න වෙන්නේ යම් කිසි දවසක අහිංසක ජනතාවටයි. කාට හරි පුළුවන්නම් අවුරුද්දක් බලය දීලා බලන්න. මේ රට සෝමාලියාව වෙලා නවතින්නේ. අත්දැකීම් සහ පරිණතභාවය තුළ ජනාධිපතිවරයා නිවැරදි පරිදි රට ඉදිරියට අරගෙන යනවා. අපේ රට විතරක් නෙමෙයි. වෙනත් රටවල් ද මෙවැනි ආර්ථික පරිහානියට ලක් වුණා. ඉන්දියාවත් මෙවැනි තත්ත්වයකට මුහුණ දුන්නා. නමුත් ඉන්දියාවේ නායකයන් ඉතාම බුද්ධිමත්ව කටයුතු කර අද වන විට ඉන්දියාව හොඳ තැනකට ගෙනත් තිබෙනවා.

Political

DIGIECON 2030 වැඩසටහන සමඟ එක්ව රටේ ආර්ථිකයට ශක්තියක් වී රට වෙනුවෙන් තම යුතුකම ඉටු කරන ලෙස බුද්ධි ගලනයත් සමඟ රට හැර යන තරුණ තරුණියන් ගෙන් සහ ව්‍යවසායකයින් ගෙන් ඉල්ලා සිටින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.

Political

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අයවැය කථාව කියවා අවසන් වූ අතර පාර්ලිමේන්තුව 2023 නොවැම්බර් 14 වැනි අඟහරුවාදා උදෑසන 9.30 වන තෙක් කල් තැබිණි.

Political

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය එක අයවැයක් තුළින් විසඳිය නොහැකි බවත් අර්බුදය අනුව විසඳුම් සෙවීමේ මාර්ග වෙනස් කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Political

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කෙරිණි.

Political

මෙවර අයවැය තුළින් ඉදිරිපත් කළ බොහෝ කාරණා ගියවර අයවැය තුළින් ද ගෙනආ යෝජනා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

Political

රටේ පවතින අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමට නම් දේශපාලන විසඳුම්වලින් ප්‍රථිපලයක් නොමැති බවත් ඒ සඳහා අවශ්‍ය වන්නේ ආර්ථිකමය විසඳුමක් පමණක් බවත් ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Political

ජනාධිපතිවරයා මේ අය-වැය ඉදිරිපත් කළේ ඉතාමත් අමාරු තැනක සිට බවත් ඒ නිසා අපි කුහක විය යුතු නැති බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (13) පැවසීය.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි ජාතික මහා සම්මේලනය එළඹෙන දෙසැම්බර් මස 15 දා කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.