Friday, July 10, 2026
Follow Us
Political

දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී පවසයි.

Political

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ  දුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

Political

ජාතිවාදය වපුරමින් පටු දේශපාලන වාසි ලබාගන්නා, ජාතිය, ආගම මුලට දාගත් දේශපාලන පක්ෂ තහනම් කළ යතු යැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය කරයි.

1956 දී සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්කළ දිනයේ සිට දේශපාලන පක්ෂ සිය දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතිවාදය යොදා ගන්නා බවද, ලබන වසරේදී මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබියදී ඇතැම් දේශපාලන කණ්ඩායම් තම වාසිය වෙනුවෙන් ජාතිවාදය නැවත ඉස්මතු කිරීමට උත්සාහ ගනිමින් සිටින බවද අමාත්‍යවරයා චෝදනා කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසුවේය.

 

ජාතීන්ගේ නම් දාගෙන ඉන්න දේශපාලන පක්ෂ මේ රටේ දේශපාලනයෙන් ඉවත් කළ යුතුයි. අර ජාතික පක්ෂය, මේ ජාතික පක්ෂය කියලා ජාතීය හෝ ආගම කේන්ද්‍ර කරගෙන හදාගෙන තියෙන දේශපාලන පක්ෂ මේ රටේ නැති වෙන්න ඕන. එතකොට තමයි ජාතිවාදය මුලින් උපුටා දාන්න හැකියාව ලැබෙන්නේ.

ඊශ්‍රායලය හා පලස්තීනය අතර ගැටුම් ඇතිවෙලා තියෙන වෙලාවේ, හමාස් සංවිධානය ඇවිත් ඊශ්‍රායලයේ සිවිල් වැසියන් ඝාතනය කළ වෙලාවේ, පහර දුන් වෙලාවේදී අපි ඒකතරයේ හෙළා දැක්කා. දැන් ඊශ්‍රායලය පැත්තෙන් ගාසා තීරයට එල්ලවන ප්‍රහාර අපි හෙළා දකිනවා. අපි ජාත්‍යන්තරය ඉදිරියට ගිහින් ඒක හෙලා දකිනවා. රටක් විදියට අපි ඊශ්‍රායලය පැත්තේවත්, පලස්තීනය පැත්තේවත් නෑ. අපි නොබැදි ප්‍රතිපත්තියක කටයුතු කරන්නේ. අපි නොබැදි ප්‍රතිපත්තියක කටයුතු කරන්නේ.

එහෙම තිබියදී සමහරු පාර්ලිමේන්තුව ඇතුලේ, පාර්ලිමේන්තුවේ එළියේ තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගන්න කතා කරන්න පටන් අරගෙන තියෙනවා. ලංකාවත් ඊශ්‍රායලයත් අතර කාලාන්තරයක් තිස්සේ ශ්‍රමිකයින් යවන සේවා ගිවිසුමක් තියෙනවා. ඒ ගිවිසුම අනුව අපි ශ්‍රමිකයින් යැවීම සිදු කරනවා.

Political

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112(1) හි විධිවිධාන සහ 2023 නොවැම්බර් 17 පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා, පහත සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (28) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

Political

වයස අවුරුදු 12ත් 18ත් අතර සිටින සියලුම පාසල් සිසු දැරියන්ට සනීපාරක්ෂක තුවා ලබාදිය යුතු බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ අද (27) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය.

Political

වතු කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නයට විසඳුම් ලබා දීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර සියලු පාර්ශව සමග සාකච්ඡා කළ යුතු බව, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඊයේ (25) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Political
  • අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට නම් ඉවසීමෙන් තවදුරටත් ඉදිරියට යා යුතුයි  – 2023 සණස ජාතික සම්මේලනය අමතමින් ජනපති අවධාරණය කරයි. 

රටක් ලෙස වැටුණු තැනින් අප ඉදිරියට පැමිණ තිබුණද, තවම ගමන අවසන් නැති බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂිත අරමුණ ඉටුකර ගැනීමට නම් සියලුදෙනා එක්ව ඉතා ඉවසීමෙන් යුතුව ඉදිරියට යා යුතු බව පැවසීය.

Political

2024 වසර වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබූ අයවැය යෝජනා වල සඳහන් රජයේ සේවකයන් සඳහා රුපියල් 10000 ක වැටුප් වැඩිවීමෙන් අඩක් ( රු.5000.00 ) සහ විශ්‍රාමිකයන්ට වැඩිවූ රු.2500 ක මුදල ලබන ජනවාරි මාසයේ සිට ගෙවීමට රජය දැඩි උත්සාහයක නියැලෙමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටියි මහතා පවසයි. 

Political
  • විපක්ෂයට බලය ලබා ගැනීමට හැකි හොඳම මාර්ගය ආණ්ඩුව සමඟ එක්වීමයි.
  • ආර්ථික අර්බුදයේදී විපක්ෂය ආණ්ඩුවට සහාය ලබා දුන්නා නම් මීට මාස කිහිපයකට පෙර රට බංකොලොත්භාවයක් මුදවා ගැනීමට හැකිව තිබුණා.

රට ගොඩනඟන්නේ අප වෙනුවෙන් නොව අනාගත පරපුර වෙනුවෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Political

මෙතෙක් පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවල (COP) අතිකරගත් එකඟතා සහ සම්මුති කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමේ ප්‍රමුඛ අපේක්ෂාවෙන් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා ධූත පිරිස මෙවර ඩුබායිහී පැවැත්වෙන සමුළුව සඳහා සහභාගී වන බව පරිසර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

Political

එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් පිරිසක් අතර අද (27) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

Political

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමෙන් පසුව සීනි තොග සඟවා ගැනීම හේතුවෙන් දේශීය වෙළඳපොළ තුළ සීනි හිඟයක් දක්නට ලැබෙන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා (23) රැස්වූ අවස්ථාවේදීය.

වෙළඳපොළේ සීනි බෙදා හැරීමට නොහැකි තත්ත්වයක් තුළ ආනයනකරුවන් විසින් සීනි ආනයනය කිරීම අත්හිටුවා ඇති බව වාර්තා වන බව අමාත්‍යවරයා පැවසීය.

එබැවින්,සීනි තොග හිඟ වීමේ අවධානමක් පවත්නා බවත්, කරුණු සියල්ල සැලකිල්ලට ගෙන සීනි මත පනවා ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට කටයුතු යොදනු ලැබූ බවත් පැවසු අමාත්‍යවරයා, ඉදිරියේ දී දේශීය වෙළඳපොළේ සීනි බෙදා හැරීම යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර දැනටමත් ගෙන තිබෙන බවට අවධාරණය කරනු ලැබිය.

Political

ජලයේ ගුණාත්මකභාවය රැකගැනීම සහ පිරිවැය අඩු කිරීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් ඇති කිරීමට රජය සැලසුම් කර ඇති නමුත් ජලය විකිණීමට හෝ පෞද්ගලීකරණය කිරීමට කිසිඳු අදහසක් නොමැති බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.

Political

අද (27) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස් වූ අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.

Political

ගාසා තීරයේ යුධ ගැටුම් පවතින ප්‍රදේශවලට මෙරට විගමණික ශ්‍රමිකයින් යවන්නේ නැති බවත් කිසිදු ශ්‍රමිකයෙකුට යුධ පුහුණුව ලබා නොදෙන බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (25) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

Political

2024 අයවැය යෝජනා සම්බන්ධයෙන් වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

Political
  • ගොවියා සවිබල ගන්වා කෘෂි ආර්ථිකය ශක්තිමත් කරනවා.
  • කෘෂි අපනයන ආර්ථිකයක් නැවත ශ්‍රී ලංකාවේ ඇති කිරීම ප්‍රමුඛ අරමුණයි – ජනපති නොච්චියාගම දී පවසයි.

සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Political
 
ශිෂ්ය පාර්ලිමේන්තුව තුළින් දරුවන්ට ලැබෙන අත්දැකීම් හා පරිචය රටේ අනාගත නායකත්වය ගොඩනැගීමට බෙහෙවින් ඉවහල් වන බව අධ්යාපන අමාත්ය සහ පාර්ලිමේන්තුවේ සභානායක සුසිල් ප්රේමජයන්ත මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (24) අධ්යාපන අමාත්යාංශයේ පැවති රත්නපුර සීවලී මධ්ය විද්යාලයේ ශිෂ්ය පාර්ලිමේන්තුවේ මංගල විවාදයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිණි.