Tuesday, January 27, 2026
Follow Us
වඩිවේල් සුරේෂ්ට ජනාධිපති උපදේශක තනතුරක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබේ.

උඩරට දෙමළ ජනතාව, ශ්‍රී ලාංකික ජන සමාජයට පූර්ණ වශයෙන් ඒකාබද්ධ කිරීම අධීක්ෂණය කිරීම සහ නුවරඑළිය, බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයන්හි පවතින ගැටළු සොයා බැලීම ඒ මහතා වෙත පැවරී ඇති වගකීම් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.