උතුර පළාත් ආණ්ඩුකාර ධූරයට යෝජනා වී සිටින ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් එය භාරගැනීම දැඩිව ප්‍රතික්ෂේප කරමින් සිටින බව වාර්තා වෙයි. ආණ්ඩුව පාර්ශවයෙන් එම ආණ්ඩුකාර ධූරය භාරගන්නා ලෙස තවදුරටත් ඔහුට ඉල්ලීම් කරමින් පැවතියද එය භාරගැනීම මුත්තයියා මුරලිදරන් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ ඉදිරි මහ මැතිවරණයේදී එජාපය මෙහෙයවීමේ පූර්ණ බලතල නොලැබෙන්නේ නම් එජාපයෙන් ඉවත්ව වෙනම පක්ෂයක් ගොඩනැගීම කෙරෙහි සජිත් පිළේ නායකයන්ගේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව මේ දිනවල නව පක්ෂයේ මහ මැතිවරණ අපේක්ෂක ලැයිස්තු ද සකස් කිරීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
උසස් නිලතල සහිත රජයේ ප්‍රධාන ආයතන ගණනාවක කටයුතු ස්වාධීන කිරිමේ අරමුණින් හා රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්‍ෂිත කිරිමේ අරමුණින් ගෙන ආ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළහොත් රට ආපස්සට යන බව සභානායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.
විශ්‍රාම යන අග්‍රාමාත්‍යවරයකුට ව්‍යවස්ථාවෙන් හිමිවිය යුතු සියලු වරප්‍රසාද ලබාදෙන ලෙස ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ලිපි දෙකක් යොමුකර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ විපක්‍ෂ නායක ධුරය සම්බන්ධයෙන් ලබන සතිය තුළ විසදුමක් ලැබෙනු ඇතැයි හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහාය දක්වන පාර්ශ්වය පවසයි.
The final decision on the post of Opposition Leader would be made by the UNF Parliamentary Group this Thursday, UNP General Secretary Akila Viraj Kariyawasam said today.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වී සිටින සියලුම පක්ෂ ඉදිරි මහමැතිවරණය සඳහා තරගවැදිය යුත්තේ පොහොට්ටුව ලකුණින් නොව පුටුව ලකුණින් බව පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා අවධාරණය කරයි.
හිටපු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගෙන් නිදහසට කරුණු විමසීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ.
යම් යම් අඩුපාඩු ඇතත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තියට එකඟ නොවන බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරණයට පළමුව එළැඹි එකඟතා අනුව ඉදිරි මහ මැතිවරණයට මුහුණ දෙන බවත් එම එකඟතාවලින් බැහැරවීමට තරම් කිසිදු ගැටලුවක් මතුවී නැති බවත් ජාතික නිදහස් පෙරමුණු නායක, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
‘සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුවේ’ කැබිනට් අමාත්‍යවරුන්ගේ ගනුදෙනු සම්බන්ධ තොරතුරු ඇතුළත් ලිපිගොනු කට්ටලයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හමුවී ඇතැයි ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් නික්ම ගිය පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් දා අරලියගහ මන්දිරයට පැමිණියේය. එම ලිපිගොනු කට්ටලය වුවමනාවෙන්ම එහි තබා ගියේද නැතහොත් අමතකව ගියේද යන ප්‍රශ්නය පැන නැගී තිබේ.
Questions why President Rajapaksa prorogued Parliament for over a month
Queries whether Govt. attempting to sign MCC without presenting to Parliament
තමා ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්වන බවත් ඒ අනුව එළැඹෙන මහ මැතිවරණයට තරග නොකරන බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා සඳහන් කරයි.
ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධානගත වීමේදී ඉදිරි මහමැතිවරණය සඳහා පොදු ලකුණකින් තරගවැදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ වුවත් මේ වනවිට පොහොට්ටුව ලකුණ අත්හැරිය නොහැකි බවට දැඩි බලපෑමක් ශ්‍රීලපොපෙ වෙතින් එල්ල වන බව වාර්තා වේ.
ඉදිරි මහමැතිවරණයේදි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළුව එයට සම්බන්ධ පක්ෂ තරග කරන්නේ පුටුව ලකුණින් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා අද (03) පැවසීය.
ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාගත හැක්කේ උපරිම ආසන 05 ක් පමණක් බව ශ්‍රීලනිප හිටපු ලේකම් දුමින්ද දිසානායක මහතා පවසනවා. ශ්‍රීලනිප ක්‍රියාකාරිකයන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් දුමින්ද දිසානායක මහතා මේ බව පවසා තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ සාකච්ඡාවක් සඳහා සිය මන්ත්‍රී කණ්ඩායම අද (02) සිරිකොත පක්ෂ මූලස්ථානයට කැඳවා තිබේ.
Page 455 of 553