Thursday, February 19, 2026
Follow Us
එජාපයේ මන්ත්‍රීවරුන් 12කට ආණ්ඩු පක්ෂයේ අසුන්

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙකුට ජනවාරි 03දා සිට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය පැත්තේ අසුන් වෙන්කර ඇත. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාවට වඩා වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් විපක්ෂයේ සිටින බැවින් විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට මෙසේ ආණ්ඩු පක්ෂය පැත්තේ හිඳ ගැනීමට සිදුව ඇත.

සභා ගැබෙහි ආසන සකස්කර තිබෙන්නේ ආණ්ඩු පක්ෂයට ආසන 116 ක් සහ විපක්ෂයට ආසන 116ක් ලෙසිනි. එහෙත් අලුත් ආණ්ඩුවේ සිටින මන්ත්‍රී සංඛ්‍යාව 96කි. කථානායකවරයා හැර විපක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 128කි. මේ නිසා විපක්ෂ මන්ත්‍රීන් 12 දෙනෙකුට විපක්ෂය පැත්තේ අසුන් ගැනීමට අවස්ථාව නොලැබේ. එනිසා ආණ්ඩුව පැත්තේ හිස්ව තිබෙන ආසන විස්සෙන් දොළහක් විපක්ෂයට ලබා දීමට සිදුවූ බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ‘අරුණට’ පැවැසුවේය.

සභා ගැබෙහි ආණ්ඩු පක්ෂයේ පසුපෙළ ආසනවල අසුන් ගන්නේ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙකු බවද වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

(Aruna)