The next meeting of the party alliance convened by Ministers Wimal Weerawansa, Udaya Gammanpila and Vasudeva Nanayakkara, is to be held on Feb. 25 at the Communist Party of Sri Lanka headquarters.
ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ අතර පවතින මත ගැටුම් විසඳීමට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මැදිහත් වී ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. ආණ්ඩුවේ සාමාජික පක්ෂ එකිනෙකා විවේදනය කිරීමෙන් වැළකී සිටීම තුළින් ශක්තිමත්ව ඉදිරියට යා හැකි බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් පසුගිය දින කිහිපයේ අමාත්‍ය විමල් වීරවංශ මහතා විවේචනයට ලක් කළ අතර, එවැනි පසුබිමක; පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ සුළු පක්ෂ 12 ක නායකයන්, මීට සුළු මොහොතකට පෙර, අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසට රැස්ව තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ කිට්ටුතම සමීපතයින් දෙදෙනාගෙන් කෙනෙකු වන හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා, පක්ෂයේ තණතුරු මුල්කොටගෙන රනිල් වික්‍රමසිංහ මහතා සමඟ විරසක වී ඇති බව සිරිකොත ආරංචි මාර්ග පෙන්වා දෙයි.
කොවිඩ් මරණ භූමදානයට අවසර දෙන බවට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ ද එය ක්‍රියාත්මක වන තුරු ඒ සම්බන්ධයෙන් විශ්වාසයක් තැබිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.
Leader of the Sri Lanka Muslim Congress - Rauff Hakeem today (11) urged State Minister of Primary Health Care, Epidemics and COVID Disease Control - Sudarshini Fernandopulle not to 'insult the Prime Minister'.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසා සිටියේ බැසිල් රාජපක්ෂ මහතාට මෙරට ජනාධිපතිවරයා බවට පත් වීමට ඉතා පැහැදිලිව සුදුසුකම් තිබෙන බවයි.
යහපාලන ආණ්ඩුව සමයේ ඇමරිකානු ඩොලර් හාරකෝටි හැටලක්ෂ අනූඅටදහස් පන්සිය අනූඑකක් වැය කරමින් ගුවන් යානා 12ක් මිලට ගෙන ඇතැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග ඊයේ (11 වැනිදා) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසා සිටියේ 2015 මහින්ද රාජපක්ෂ මහතාගෙන් පරාජයෙන් පසු ඔහු නැවත දේශපාලනයට රැගෙන ඒමට විමල් වීරවංශ මහතා විශාල කර්තව්‍යයක් කළ බවයි.
පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය ගැන විමර්ශනය කිරීම සඳහා පත්කර ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ අවසන් වාර්තාවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රජා අයිතිය වසර 7 කට අහෝසි කළ යුතු යැයි නිර්දේශයක් ඉදිරිපත් වී ඇති බවට වාර්තා පලවේ. මේ සම්බන්ධයෙන් අන්තර්ජාල පුවත් වෙබ් අඩවි කිහිපයක් වාර්තා පල කර තිබෙනු දක්නට ලැබේ. කෙසේ වුවද පාස්කු ඉරිදා ප්‍රහාරය සොයා බැලීම සඳහා වූ ජනාධිපති කොමිසමේ වාර්තාව මේ වන විට ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති බවද සඳහන් වේ.
පෙරේදා (10) අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී කොවිඩ් වෛරසය ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් ආදාහනයට ඉඩ දීමට අදාලව ගැසට් නිවේදනය නිකුත් කරනවාද යැයි ඊයේ(11) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් නැගූ පැනයට පිළිතුරු දෙමින් සෞඛ්‍යය රාජ්‍යය අමතිනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මැතිණිය පවසා සිටියේ ඒ සම්බන්ධව තීන්දුව ගනු ලබන්නේ විද්වත් කමිටුව ලබා දෙනු ලබන තීන්දුව අනුව බවයි.
ජනපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ සිටින නිසා ආණ්ඩු පක්ෂයේ අය ලකුණු දා ගැනීමට කටයුතු කරන බවත් වෙනදාට පාර්ලිමේන්තුවට නොඑන අයත් අද පැමිණ තිබෙන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (11) දින පාර්ළිමේන්තුවේදී කළ සඳහනට ප්‍රතිචාර දක්වමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිනාසෙමින් සඳහන් කර සිටියේ ජනපතිවරයා පාර්ලිමේන්තුවේ සිටින නිසා හැමෝම ලකුණු දාගන්න කතා කරන බවයි.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර ඊයේ (12) දින පාර්ලිමේන්තුවේ දී උණුසුම් සංවාදයක් ඇති විය.
The National Movement for Social Justice (NMSJ) in a statement yesterday commended the decision taken by Prime Minister Mahinda Rajapaksa to allow the burial of COVID-19 dead.
යළිත් මේ රටේ නිකමට හරි ද්‍රවිඩ ත්‍රස්තවාදයත් ඇති උවහොත් අත්අඩංගුවට ගත යුත්තේ තමුන්නාන්සේලාව බවත් දෙමළ දරුවන්ගේ මොල හෝදලා කරන වැඩ කටයුතු වලට වගකිව යුත්තේ තමුන්නාන්සේලා බවත් මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය සරත් වීරසේකර විසින් චාල්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරයා අමතා ප්‍රකාශ කරන ලදී.
අයිඩීඑච් රෝහලේ කොවිඩ් රෝග ප්‍රතිකාර අංශයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ රෝග තත්ත්වය සුව අතට පත්වීම නිසා ඊයේ (12) දින ඇය සාමාන්‍ය ප්‍රතිකාර වාට්ටුවකට යොමුකර ඇති බව වාර්තාවේ.
කොවිඩ් මරණ භූමදානය කිරීම සදහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ලබන 22වැනි දිනට පෙර ගැසට් නිවේදනයක් මගින් නීත්‍යානුකූල කරන ලෙසට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
පොදුජන එක්සත් පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් විසින් ඇතිකරගත් සංවිධානයක් මගින් ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට සහ ජනතාවගේ සංවේදී ප්‍රශ්න සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුකරවීම සඳහා කටයුතු කරගෙන යාමට නියමිත බව පැවසේ.
Page 310 of 552