අමාත්‍යය විමල් වීරවංශ මහතාගේ මාධ්‍යය ලේකම් අනුරුද්ධ බංඩාර රණවාරණ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍යය නිවේදනයකට අනුව විමල් වීරවංශ අමාත්‍යයවරයා 1980/82 වකවානුවේ පෞද්ගලීකරණය කරන ලද බලවේග පේෂකර්ම ආයතනවල සේවය කරන ලද වසර දහයකට වඩා අඩු සේවා කාලයක් සහිත සේවකයන් 3332කට මාසික දීමනාවක් ලබා දීමේ උත්සව සභාව අමතමින් , ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයකු නොවන රාජ්‍ය නායකයා බව පෙන්වා දී ඇත. එහිදී අමාත්‍යයවරයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් කිසිදු දේශපාලන පක්ෂයක ඉහළ තනතුරක් දරන්නේ නැති බවත් මේ රටේ රාජ්‍ය නායකත්වයට පත්වූ හැම අයකුම ප්‍රධාන දේශපාලන ප්‍රවාහයක ප්‍රධාන භූමිකාවක් රඟ දක්වපු අය බවත් පවසා සිටියේය. ඒ අනුව එතුමා වඩා ශක්තිමත් වන්නේත්, එතුමාගේ සේවය මේ රටට වැඩියෙන් ලබා ගැනීමට හැකි වන්නේත් එතුමා අංග සම්පූර්ණ රාජ්‍ය නායකයෙකු වන්නේත් එතුමා ප්‍රධාන දේශපාලන පක්ෂයකප්‍රධාන භූමිකාවක් ඉටු කළහොත් පමණක් බව නැවත වරක් අවධාරණය කර ඇත.
Oxford-AstraZeneca Vaccine was not effective on the new COVID-19 variant virus, Opposition Leader Sajith Premadasa said.
සංචාරක අමාත්‍යය ප්‍රසන්න රණතුංග මහතාගේ මාධ්‍යය ලේකම් ප්‍රදීප් අනුර කුමාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍යය නිවේදනයක් මගින් කියවෙනේ ආණ්ඩුව තුල මතවාද තිබුණ ද අභ්‍යන්තර ආරවුලක් නොමැති බවත් කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා සමග පැවැති මතවාදී ගැටලුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මැදිහත්ව විසඳු බවත් ප්‍රසන්න රනතුංග මහතා පැවසූ බව අවධාරණය කර සිටී.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පළමුවරට කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ කටයුතු අද ආරම්භ වනවා. පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසුවේ නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී එම කටයුතු සිදුවන බවයි.
මෙරට විශාල ප්‍රබල විපක්ෂයක් නිර්මාණය වීමේ සූදානමක් ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටියේය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා සිය පක්ෂයේ යෝජනා ජනගත කරමින් පිවිතුරු හෙළ උරුමය ඊයේ (13) දින පක්ෂ මූලස්ථානයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කරන ලදී.
Samagi Jana Balawegaya (SJB) parliamentarian S.M. Marikkar yesterday urged the Government to gazette the recommendations of a nine-member panel of medical experts on the burial of COVID-19 dead and work to end the mandatory cremation policy currently followed.
උත්සව සභාවක් අමතමින් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කර සිටියේ දේශපාලනයේදී ඇතිවන කුණාටු අලුත් ගොඩබිම් නිර්මාණය කරන බවයි.
විමල් වීරවංශ අමාත්‍යයවරයා සහ පොදු ජන එක්සත් පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ඇතුළු පොදු ජන එක්සත් පෙරමුණේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ඇති වී තිබෙන මත ගැටුම සම්බන්ධයෙන් මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් කරුණු දැක්වීමට හිටපු අමාත්‍යය මර්වින් සිල්වා මහතා පසුගියදා කටයුතු කළේය. එහිදී ඔහු පවසා සිටියේ බැසිල් හාමුට අවශ්‍යය පරිදි විමල් සන්ධානයෙන් එලවා දැමිය නොහැකි බවත් ඔහු දේශපාලනික වශයෙන් ඉතා ශක්තිමත් බවයි.
The United National Party (UNP) yesterday called on the Government to clarify the confusion surrounding the number of COVID-19 vaccine doses which are expected to be received by the Government.
Former Speaker Karu Jayasuriya has stated that he will not contest any upcoming election.
කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙල සඳහා රජය වෙන්කර ඇති මුදල ප්‍රමාණවත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා. කොවිඩ් මර්දන එන්නත් ලක්ෂ 90 ක් ගෙන්වීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් වෙන් කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය ඉකුත්දා අනාවරණ කළේ. එහෙත්, එම එන්නත් ප්‍රමාණය මෙරට ජනගහනයට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෙට දිනයේ සිට යුද හමුදා රෝහලේදී කොවිඩ් එන්නත ලබා දීමට කටයුතු යොදා ඇති බව වාර්තා වනවා. ඒ අනුව හෙට දිනයේ සිට යුද හමුදා රෝහලේ දී මන්ත්‍රීවරුන් හට එම එන්නත ලබා ගැනීමට හැකියාව පවතින බවට දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.
The Samagi Jana Balawegaya (SJB) yesterday expressed concerns about the Government’s attempts to amend the Press Council Law Act of 1973, calling the move a prelude to media suppression.
අමාත්‍ය විමල් වීරවංශ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් අතර මතුව ඇති මත ගැටුම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේදී අදත් විවිධ අදහස් පළ වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොල්ගහවෙල ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා සිටියේ රාජපක්ෂ පවුලේ කිසිදු අයෙකුට එරෙහිව කුමන්ත්‍රණ සිදු කිරීමට සිය පක්ෂය ඉඩ නොතබන බවයි.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර සභාව එහි පක්ෂ නායක රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර; 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළ කළ මන්ත්‍රීවරුන් හතරදෙනාට පක්ෂයෙන් සහ මහජනතාවගෙන් සමාව ගැනීමේ කොන්දේසිය මත සමාව ලබාදීමට අවසානයේදී තීරණය කර තිබේ.
Former Speaker of Sri Lanka Parliament W.J.M. Lokubandara has passed away yesterday due to complications from COVID-19 while receiving treatment at the Infectious Disease Hospital (IDH) in Angoda. He was 79 at the time of his death.
අවිස්සාවේල්ල ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් පිවිතුරු හෙළ උරුමයේ නායක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ සමහර මන්ත්‍රීවරුන් බත් කා නැති බව ඔවුන් කරන ප්‍රකාශ වලින් පෙනෙන බවයි. එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින්,රට විනාශයට ඇද දමා පොහොට්ටුව රකින්නට හැකි යයි කවුරුන් හෝ සිතන්නේ නම් එය ඒ අයට දේශපාලනය නොතේරෙන බවත් තමන් ඇතුළු කණ්ඩායමට එළියට ගොස් කරදර නොකර සිටිනවා නම් සමහරු කැමති නමුත් ජනතාව වෙනුවෙන් ආණ්ඩුව ඇතුළේ සිට අරගල කරමින් රැඳී සිටින්නට සිදු වන බවත් අවධාරනය කළේය.
Page 309 of 552