Friday, February 13, 2026
Follow Us
ප්‍රහාරය පිළිබද කොමිසමේ වාර්තාව 10වැනිදා විවාදයට

පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳව විවාදය ලබන මාර්තු 10 වැනි දින බදාදා ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ පිළිබදව තීරණය කර ඇත.

ඒ අනුව ජනාධිපති කොමිෂන් සභා වාර්තාව, රජය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගැනීමට එම රැස්වීමේදී තීරණය කළ බව නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කරයි.

(Aruna)