ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්‍ෂික සමුළුවක් ලබන 23 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. එදින එම සාකච්ඡාව පෙරවරු 10.00 ට ජනාධිපති කාර්යාලයේ පැවැත්වීමටයි මේ වනවිට තීරණය වී ඇත්තේ. ඒ සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්‍ෂවලට ආරාධනා කිරීමට නියමිතව තිබෙනවා.
මේ වනවිට තමන්ගේ ප්‍රධානියා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
රට තුළ ඉන්ධන අර්බුදයක් නොතිබුනු බවත්, අමාත්‍යවරුන් විසින් කරන ලද ප්‍රකාශ හේතුවෙන් ඉන්ධන හිගයක් ඇති බවට අග්‍රාමාත මහින්ද රාජපක්ෂ විසින් කළ ප්‍රකාශය පිළිගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.
ලිපියක් බාරදීම සඳහා කාන්තාවන් පිරිසක් සමග ජනාධිපතිවරයා පදිංචිව සිටි නිවස වෙත යෑම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පොදුජන පෙරමුණේ දේශපාලනඥයන්ගේ තර්ජනවලට ලක්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා.
සෑම අතින්ම කඩාවැටී ඇති මේ රට නැවත ගොඩනැගිය හැකි බවත්, එහෙත් ඒ වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම් කළ යුතු බවත්, කැපකිරීම් කළ යුත්තේ ජනතාව වෙනුවට දේශපාලනඥයින් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
තමන්ව බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉවත් කළේ මෙරට LNG සැපයුම ඇමරිකාවට ලබාදීමේ වෑයමට තමන් බාධාවක් වූ නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ ඕනෑම ස්ථානයක උද්ගෝෂණය කිරීමේ අයිතිය තිබෙන නමුත් එවැනි උද්ඝෝෂණවලදී සිදුවන ඇතැම් ක්‍රියා අනුමත කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
විමල් වීරවංශ මහතාව සහ උදය ගම්මන්පිල මහතාව කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට විරෝධය පළකරමින් කැබිනට් රැස්වීම්වලට සහභාගී වීමෙන් වළකින නමුත් අමාත්‍ය ධුරයෙන් ඉවත් නොවන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පසුගියදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ආටිකල් IV යටතේ නිකුත් කළ වාර්තාව හැකි ඉක්මනින් පක්ෂ නායකයින් වෙත ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ පා සිටින විදේශ විනිමය අර්බුදයෙන් ගොඩගැනීම සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් රජයට ඉදිරිපත් කරන ලද විශිෂ්ඨ යෝජනාවක් වූ “ස්වර්ණමය පාරාදීසය වැඩසටහන”ට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා ආණ්ඩු බලය යනු කුමක්දැයි නොදැන සිටි අතර ඔවුන්ව වෙන වෙන පුද්ගලයින් විසින් පාවිච්චි කෙරුණු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
විපක්ෂය මෙන්ම ස්වාධීන ආර්ථික විශේෂඥයින් පසුගිය කාලයේදී දිගින් දිගටම කියා සිටියත් මහ බැංකුව විසින් රුපියලේ අගය කෘත්‍රිමව අල්ලාගෙන සිටීම නිසා රටට ඩොලර් බිලියන 04 ක පමණ දැවැන්ත පාඩුවක් වූ බවත් හිටි හැටියේම නින්දෙන් ඇහැරුණාක් මෙන් රුපියල 230 ක් දක්වා මහ බැංකුව අවප්‍රමාණය කළේ ඉන්දියාවේ බලපෑම නිසා බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂවල එකමුතුවෙන් ජාතික ආණ්ඩුවක් එළඹෙන සිංහල – දෙමළ අලුත් අවුරුදු සමයට පෙර නිර්මාණය කෙරෙනු ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනා අතර විශේෂ සාකච්ඡාවක් ලබන අගහරුවාදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
2018 වසරේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් විභාග කළ විනිසුරු මඬුල්ල පිළිබඳව කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.
ජනාධිපතිවරයා විසින් ඉකුත්දා අමාත්‍ය ධුරවලින් ඉවත් කරන ලද විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල හිටපු අමාත්‍යවරු දෙදෙනාගේ පාර්ලිමේන්තු අසුන් වෙනස් කර තිබෙනවා.
ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණයකට හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව වෙනම මැතිවරණවලට තරගවැදීමේ හෝ තීරණයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් එළඹ නොමැති බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
Page 192 of 553